Posted on දෙසැම්බර් 4, 2009 by චූටා
අඩුමිල අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ සමාගම් විසින් WiMAX ජාල ගොඩනැගීම ජනවාරියේ සිට අරඹන බව නියාමකයා කියයි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ප්‍රියන්ත කාරියප්පෙරුම සඳහන් කරන්නේ, මෙම පහසුකම් ව්‍යාප්ත කිරීම තුළින් ගම්බද ප්‍රදේශවලට e-learning හා telemedicine වැනි පහසුකම් සැපයීමට හැකිවනු ඇති බවයි.
ඩයලොග්, ලංකාබෙල් හා සන්ටෙල් මේ වනවිටත් 3.5G තාක්ෂණය ඔස්සේ WiMAX සේවා ලබාදීම සිදුකරන අතර මෙම සමාගම් තුන සඳහා මෙම සේවාව ලබාගැනීමට පාරිභෝගිකයින් 12,000 ක් පමණ මේ වනවිට සිටින බව, කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.
වර්තමාන අන්තර්ජාල පහසුකම් සමග සැසඳීමේදී තුන් ගුණයක් පමණ වේගවත් තුන් ගුණයකින් පමණ මිල අඩු WiMAX තාක්ෂණය මගින් රැහැන් රහිත පුළුල් පරාස අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන අතර මෙමගින් යටිතල පහසුකම් එතරම් දියුණු නොමැති ගම්බද ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබේ.
vimasuma.com
Filed under: Uncategorized | 3 Comments »
Posted on නොවැම්බර් 6, 2009 by චූටා
LIRNEIasia අලුත්ම වාර්තාව දකුණු ඉන්දියාවේ එළිදකී
නොවැ,06,(විමසුම) – ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සපයන්නන් ස්වකීය ගනුදෙනුකරුවන් රැවටීමකට ලක්කර ඇතැයි, LIRNEIasia ආයතනය නිකුත් කළ අලුත්ම වාර්තාවක් අනාවරණය කරයි.
එම වාර්තාව පසුගියදා ඉන්දියාවේ චෙන්නායිහිදි, එළිදක්වමින් එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ කළමණාකාර චානුක වත්තේගම පැවසුවේ ශ්‍රී ලංකාවේ සියලුම අන්තර්ජාල සේවා සැපයුම්කරුවන් ස්වකීය සේවාවල ගුණත්වය වැඩිකිරීම වෙනුවට වෙළෙඳ දැන්වීම් මගින් ජනතාව නොමඟ යවමින් අධික ගාස්තු අය කරන බවයි.
හෙතෙම මෙසේද කීය.
“පුළුල් පරාස සේවා (broadband) සම්බන්ධයෙන් පවතින තත්ත්වයට වඩා හොඳ සේවයක් අනිවාර්යෙන්ම ඔවුන්ට ලබාදීමේ හැකියාව තිබෙනවා. ජංගම පුළුල් පරාස සේවා සම්බන්ධයෙන් ජනතාවට බොහෝවිට ලැබෙන්නේ කියන ප්‍රමාණයෙන් කොටසක් පමණයි. කළාපයේ බොහෝ රටවල් වලට වඩා ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවා අංශයේ ගාස්තු ඉහළයි.”
සෑම සය මසකට වරක්ම යාවත්කාලීන කරන දත්ත පදනම් කරමින් මෙම වාර්තාව නිකුත් කර ඇති අතර කෙසේවෙතත්, එම වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ දිවයිනේ අන්තර්ජාල සේවා වල ගුණත්වය 2007 වසරේ සිට වර්ධනය වෙමින් පවතින බවයි.
vimasuma.com
Filed under: web | 1 Comment »
Posted on ඔක්තෝබර් 25, 2009 by චූටා
විදේශ රැකියා සඳහා රට හැර යන ශ්‍රී ලාංකීය බුද්ධිමතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ වෛද්‍යවරුන් සහ ගණාකාධිකාරිවරුන් බව සංක්‍රමණිකයන් පිළිබඳව නිකුත් වූ නවතම වාර්තාවක් හෙළි කරයි.
migration outlook for Sri Lanka යන මැයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා ජාත්‍යන්තර විගමණ සංවිධානය විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.
එම වාර්තාවට අනුව සෑම වසරකදීම මෙරට වෛද්‍යවරුන් 60ක් පමණ තමන්ට අනිවාර්ය වූ එක් වසරක පුහුණුව සඳහා එංගලන්තය, කැනඩාව සහ අනෙකුත් ලෝකයේ සංවර්ධිත රටවල් කරා පිටත්ව යන අතර ඔවුනගෙන් නැවත සිය මව්බිමට පැමිණෙන්නේ ඉන් භාගයක් පමණ වූ පිරිසකි.
මෙසේ අඛණ්ඩව සිදු වන බුද්ධිගලනය හේතුවෙන් මිලියන 18ක් වූ මෙරට ජන පිරිසකට ප්‍රතිකාර ලබා දීම සඳහා සිටින විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වනුයේ 800ක් වැනි වූ සුළු පිරිසක් බව එම වාර්තාව සඳහන් කරයි.
අදාළ වාර්තාවට අනුව බුද්ධිගලනය බහුලවම සිදු වන අනෙකුත් වෘත්තිය වන්නේ ගණකාධිකරණ ක්ෂේත්‍රයයි.
මෙරට බොහෝ වරලත් ගණකාධිකාරීවරුන් ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, එංගලන්තය, කැනඩාව මෙන්ම මැදපෙරදිග රටවල රැකියා සඳහා වැඩි වශයෙන් යොමු වන බව එහි සඳහන් වේ.
මෙරට වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගෙන් භාගයක් පමණම ඉහළ වැටුප් සහිත රැකියා සඳහා විදේශගත වේ.
80 මුල් දශකයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හා ඒ ආශ්‍රිතව මෙරට ඇති වුණු ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීම හේතුවෙන් නිපුණතා සහිත මෙවැනි වෘත්තිකයන් රටින් බැහැර වීම වර්ධනය වූ බවයි, එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ.
ඔක්,25, (විමසුම)
Filed under: web, හිතට දැනන දේ | Leave a Comment »
Posted on සැප්තැම්බර් 30, 2009 by චූටා
අතිශය ජනප්‍රිය Facebook සමාජ සම්බන්ධතා වෙබ් අඩවියට ශ්‍රී ලංකාවේ පාසැලක නමක් ගත් පරිගණක වෛරසයක් පහරදෙන බව, වාර්තාවේ.
විද්‍යාරත්න කොලේජ් (Vidyartha College) නමින් හඳුන්වන මෙම වෛරසය නිසා, මේ වනවිට ෆේස් බුක් වෙබ් අඩවිය භාවිතා කරන දහසකුත් දෙනා අපහසුතාවයට පත්වී තිබෙන බව, අද ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.
මෙය මෙතෙක් මෙම වෙබ් අඩවියට පහරදුන් පරිගණක වෛරස් අතුරින් දෙවැනියට තර්ජිතම වෛරසය බව සඳහන්ය.
Filed under: web | 5 Comments »
Posted on සැප්තැම්බර් 29, 2009 by චූටා
ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා මරා දැමිය යුතුදැයි?විමසමින් ජනමත විමසුමක් Facebook අන්තර්ජාල සමාජ සම්බන්ධතා ජාලයට පසුගිය සෙනසුරාදා එක්කළ පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට එරට රහස් ඔත්තු සේවා පියවර ගෙන ඇත.
බී.බී.සී සේවය පවසන්නේ මෙම ජාලයට පිටස්තර තෙවැනි පාර්ශවයක් විසින් මෙය එක්කර තිබූ බවත් පසුව වහාම එය ඉවත් කර ගැනීමට ක්‍රියා කර තිබූ බවයි.
අපි මෙය ජනපතිවරයාගේ ජිවිතයට එල්ල වූ අනිකුත් තර්ජන වගේම ඉතා බැරෑරුම් කොට සලකනවා යැයි, ඇමෙරිකානු රාහස් ඔත්තු සේවා අංශ ප්‍රකාශකයෙකු පවසා තිබුණි.
ඇමෙරිකානු ජනපතිවරයා මරා දැමිය යුතුද? යන්න විමසමින් එයට ඔව්, නැහැ, සමහරවිට හා ඔව් ඔහු මගේ සෞඛ්‍ය වියදම් කපා දැමුවහොත් අදී ලෙස පිළිතුරු 04 ක්ද එයට ඇතුළත් කර තිබි ඇත.
Facebook පාලකයින් අදාල පරීක්ෂණ වලට සම්පූර්ණ සහාය දැක්වීමට එකඟ වී ඇත.
උපුටා ගැනීම – විමසුම.com
Filed under: web | 2 Comments »