අවුරුදු 7 කට පස්සෙ ඉස්කෝලෙ ගියෙමි.

අපේ ආදි ශිෂ්‍ය සංගමේ රැස්වීමක් තියනවා කියලා ආරාධනාවක් ආවා.ඉස්කෝලෙන් අයින් උනාටම පස්සෙ ඒ පැත්ත පලාතෙවත් ගිය නැති නිසාත් පරණ යාලුවො සෙට් එක හම්බ වෙන නිසාත් වැඩේට ගියේනම් ලොකු ආසාවකින්. ඉස්කොලේට අඩ්ය තිබ්බෙ අවුරුදු 7 කට විතර පස්සෙ.පරිසරය නම් ටිකක් විතර වෙනස් වෙලා.ඒත් ඉතින් කියන්ඩ තරම් ලොකු වෙනසක් නම් නෙවෙයි.අපි ඉගෙන ගත්තු පන්ති කාමර, සෙල්ලම් කරපු පිට්ටනිය,දුවපැන ඇවිදපු තැන් ඒ විදියටම තියනව.ඒත් ඉතින් අපි ඒවයෙ නැහැ.ඉන්නෙ වෙන අය.මොනවා කරන්ඩද හිතට පුංචි දුකක් දැනුනා.

සුදු දිග කලිසම් , කොට කලිසම් ඇද ගත්තු කොල්ලො පිටිටනියෙ සෙල්ලම් කරනවා.තැන තැන කොල්ලො රංචු ගැහිල ලොකු ලොකු කතාවල්. ඒකාලේ ඔහොම අපිත් එක්ක කදේ දාගෙන හිටපු සමහරු දැන් මොනවා කරනවාද කියලවත් දන් නැහැ.හුග දෙනෙක් දැන් හැතැක්ම ගානක් ඈත පිට රටවල. කාලෙකින් ආපු නිසා ඉස්කොලෙ පැත්තෙ පොඩි රවුමක් ගැහුවා.හැම තැනම නුපුරුදු මූණූ.අපි අදුරන කවුරුත් නැහැ.අපේම ඉස්කෝලෙ අපි නිකන් ආගන්තුකයො වගේ. ශාලිත අබේවික්‍රම කියන “සුළගේ ළෙලෙනා මල් සේ දගපා” සිංදුවෙ සැබැම අර්ථය තේරුනේ අද කියලා මට හිතුනා.

සුළගේ ළෙලෙනා මල් සේ දගපා

අප පාසල් ගිය කාලයේ

යහලුවො අද නැත

වෙන අය එහි ඇත

කාලය මැවුවෙ වෙනසක අරුමේ

මොනව කරන්නද ජීවිතේ හැටි ඔහොම තමා………

Advertisements

6 Responses

  1. ඒකනම් ඇත්ත . . .

    මම තාම ස්කෝලෙන් අයින් උනාට පස්සෙ ගියෙ නැහැ.ඒත් ස්කෝලෙ පොටෝ නෙට් එකේ දාල තියෙනව දැක්කම ස්කෝලෙ කොච්චර වෙනස් වෙලාද කියල හිතෙනව. . . .

    මේ අවුරැද්දෙවත් ආදි ශිෂ්‍ය සංගමේට යන්න ඕන . . . .

    මතක් කලාට ස්තුතියි. . .

    ආ. . . ඔයාගෙ බ්ලොග් එක හොදයි. . .

    ගිහින් එන්නම් . . .

  2. සිරාවටම පාසල් කාලේ කියන්නේ ජීවිතයේ සුන්දරම කාලය….

  3. මමත් අවරුදු 10කට විතර පස්සේ ඉස්කෝලෙ ගියාම නිකං කරකවල අතඇරිය වගේ උනා. හැම දේම වෙනස් වෙලානෙ.

  4. අස් වුනා වුනාමයි.. මං තාම ඉස්කෝලේ පැත්තවත් බැලුවේ නෑ.. 😦 ආදිශිශ්‍ය සංගම් වලට ආරාධනා ලැබුනට කම්මැලි කම කියන එක නැති කරගන්න බැරි උනානේ..

  5. බලන් ගියාම මම හොදයි. මම අවුරුදු 7 ට පස්සෙ හරි ගියා…හික්..හික්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: