අපේ මිනිස්සුන්ගේ මනුස්සකම

මම උඩරට,රජ රට,පහත රට වගේ රට වලට ඇරුනහම පිටරටකට නම් ගිහිල් නැහැ.හැබැයි චිත්‍රපටි බලල නම් පිට රටවල් ගැන හුගක් දේවල් ඉගෙන ගන්නවා. මේ චිත්‍රපටියේ නම නම් මට හරියට මතක නැහැ.හැබැයි සිද්ධිය නම් මේකයි.

සුද්දෙක් ගමනක් යන අතර මගදී මිනිහගේ වාහනේ කැඩෙනව.කාගෙන් වත් උදවුවක් ලැබෙන්නෙ නැහැ. පස්සෙ ලගපාත හිටපු  කොල්ලෙකුට කථා කරලා කියනවා වාහනේට පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද කියලා.කියපු ගමන් මූ අහපි මට කීයක් ගෙවනවාද කියලා.පස්සෙ අර මිනිහා ගාණක් කියනවා.ඌ ඒ ගාණට කැමති වෙන්නෙ නැහැ.අන්තිමට ඌ කියන ගාන ගෙවලා වාහනේට තල්ලුවක් දාගෙන ස්ටාට් කර ගෙන ගමන යනවා. ඒ සිදුවීම චිත්‍රපටියෙ තියන පුංචිම පුංචි සිද්ධියක්.නමුත් මටනම් ඒකතමා ඒකෙ තිබුනු වැදගත්ම සිද්ධිය.ඒක ඒ කොල්ලගේ හැටිද නැත්නම් සමස්ථ බටහිර සමාජයේම හැටිද කියන්න තරම් මට අවබෝධයක් නැහැ.අහලා තියන විදියට සමස්ථ බටහිර සමාජයේම හැටි ඔහොම තමයි.හැම දේම තීරණය වෙන්නෙ මුදලට.

නිකමට හිතන්න ඔය දේම අපේ රටේදි සිද්ද උනානම් මොකක් වෙයිද? “මචං මොකක්ද අවුල”,”ඇයි මල්ලී මොකක්ද කේස් එක”,”මහත්තය මොකක්ද වෙන්න ඕන” කියල මිනිස්සු කී දෙනෙක් අහයිද? අපේ මිනිස්සුන්ගෙ මොන වැරදි තිබුනත් කෙනෙකුට කරදරයක් වෙච්ච වෙලාවට පැනලා උදවු කරන එක අපේ මිනිස්සුන්ගෙ සිරිත.

මේක හොදින්ම දෙක්කෙ පහුගිය සුනමියෙදී.වර්තමානයෙදිත් ඒක දකින්න තියනවා.තමන් නොකා හරි කන්න නැති කෙනෙකුට බත් පතක් දෙන මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා.කරදරේකදී උදවු වෙනවා කියන එක අපේ මිනිස්සුන්ගේ ජාන වලම තියන දෙයක්.ඒත් අර කොල්ලා වගේ මිනිස්සුත් අපේ රටෙත් නැතුවා නෙවෙයි.හැබැයි බොහොම අතලොස්සයි.අවාසනාව කියන්නෙ රටේ ප්‍රසිද්ධ වෙන්නෙ උන්ගෙ වැඩ තමා.

Advertisements

6 Responses

  1. හැම කෙනා ගැනම එක විදිහට බලන එක වැරදියි. මම ඇමරිකාවේ ටිකක් ගම්බද පැත්තක ජීවත්වෙන කෙනෙක්. මෙහේ නම් ඔහොම දෙයක් උනාම ලග ඉන්න අය ඇවිල්ලා ටක්ගාලා උදවු කරනවා. හැබැයි නිව්යෝර්ක් වගේ නම් තත්වය වෙනස්. ඒ වගේම තමයි ලංකාවේ වනාතමුල්ල පැත්තේ වාහනය කැඩුනත්.

  2. දැන් දැන් ටිකක් තල්ලුවක් දාන්නත් සල්ලි ඉල්ලන අය වැඩියිද මන්දා

  3. ඔබ පිට‍රට ගැන නොදන්නා බව මින් පැහැදිලිවේ.

  4. එහෙම කියන්න එපා..වනාතමුල්ලේ ඉන්නවා ඔය කොළඹ 7 අයට වඩා මනුස්සකම් තියන මිනිස්සු.

  5. ඔව් ඔව් …. ඒක ඇත්ත. හොද අය කොහෙත් ඉන්නවා.

  6. මනුස්සකම දන්න වගේම නොදන්න අයත් ඉන්නව හැබැයි ඉටහිර රට වලට සාපේක්ෂව නම් මනුස්සකම අතින් අපි ඉදිරියෙන් ඉන්නව කියල මට හිතෙනව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: