තුන් යහලු වික්‍රමය,සෝමපුර වීරයෝ සහ කල්ලන් දූවේ මුතු කොල්ලය

පරණා පොත් රාක්කයක් අදින කොට  පොතක් තිබිල හම්බ උනා.පොතේ නම “කල්ලන් දූවේ මුතු කොල්ලය”.මේක මම අවුරුදු ගනණාවකට කලින් හුගක් අසාවෙන් කියවපු පොතක්.පස් හය ගමනක් ම කියවල ඇති.එත් ඉතින් කාලෙකට පස්සෙ හම්බ වුනු නිසා හිතේ ආසාවටත් එක්ක එක හුස්මට කියවල දැම්ම.වැඩි වෙලාවක් ගියේ නැහැ.පැය දෙක තුනකින් වැඩේ ඉවරයි.
ඔය නව යොවුන් වියට එලබෙන කොට කොල්ලන්ට එනවනෙ අමුතුම උනක්.වීර කතා,ත්‍රාස ජනක කතා එහෙමත් නැති නම් රහස් පරීක්ෂක කතා කියවන්න.මටත් ඒ කාලෙ ඔය උණ නම් හොදටම තිබුනා.
කුලසේන ෆොන්සේකා ලියපු තුන් යහලු වික්‍රමය,සෝමපුර වීරයෝ,කල්ලන් දූවේ මුතු කොල්ලය ඒ කාලෙ කියවපු පොත් වලින් හුගක්ම මත්කයේ  රැදුනු පොත් තමයි.
සුනිල්,අජිත් සහ රුවන් කියන යාලුවො තුන් දෙනෙක් වටා ගෙතුනු කතා තුනක්.සෝම පුර වීරයෝ කතාවෙනම් තියෙන්නෙ සෝමවතිය පැත්තෙ කැලෙක නිදන් හොරු ටිකක් “කීර්ති”  කියලා සර් කෙනෙක්ව  හිර කරගෙන ඉන්නවා.කොල්ලො තුන්දෙනා එකතු වෙලා සර් ව බේර ගන්න හැටි තමා තියෙන්නෙ.
කල්ලන් දූවේ මුතු කොල්ලය කතා වෙනම් තියෙන්න කල්පිටිය පැත්තෙ දූවක තිබිල නැති වෙච්ච මුතු මාලයක් හොයා ගන්න කතාවක්.
තුන් යහලු වික්‍රමය නම් මට හරියට මතක නැහැ.මහනුවර කුන්ඩසාලේ පැත්තෙ නිදන්  හොරුන්ගෙ කතාවක් මට මතක විදියට.
කැලෑවල් වල ගිහිල්ල,රෑ එවයි නැවතිලා හොරැත් එක්ක සටන් කරන හැටි කියවන කොට අපිත් ඉතින් ඒ චරිත වලටම ආරූඩ වෙලා ඉවරයි.හැම වෙලේම හිතේ තියෙන්නෙ අපිටත් මෙහෙම වැඩක් කරන්ඩ තියනවා නම් කියලා තමයි.
ටික ටික කාලය ගත වෙලා o/L,A/L පන්ති වලට ආවහම ඉතින් ප්‍රස්ථාර,මූල ද්‍රව්‍ය,සමීකරණ,පරීක්ෂණ නල අතර ජීවිතේ හිර උනා.ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ කොම්පියුටර් ඉගෙන ගන්න ගත්ත.දැන් නම් අපිවත් නිකන් කම්පියුටර්ම වෙලා.ඔහොම හරි පොතක් කියවන්න ලැබිච්ච එක නම් හිතට ලොකු සතුටක් .

පරණා පොත් රාක්කයක් අදින කොට  පොතක් තිබිල හම්බ උනා.පොතේ නම “කල්ලන් දූවේ මුතු කොල්ලය”.මේක මම අවුරුදු ගනණාවකට කලින් හුගක් අසාවෙන් කියවපු පොතක්.පස් හය ගමනක් ම කියවල ඇති.එත් ඉතින් කාලෙකට පස්සෙ හම්බ වුනු නිසා හිතේ ආසාවටත් එක්ක එක හුස්මට කියවල දැම්ම.වැඩි වෙලාවක් ගියේ නැහැ.පැය දෙක තුනකින් වැඩේ ඉවරයි.

ඔය නව යොවුන් වියට එලබෙන කොට කොල්ලන්ට එනවනෙ අමුතුම උනක්.වීර කතා,ත්‍රාස ජනක කතා එහෙමත් නැති නම් රහස් පරීක්ෂක කතා කියවන්න.මටත් ඒ කාලෙ ඔය උණ නම් හොදටම තිබුනා.

කුලසේන ෆොන්සේකා ලියපු තුන් යහලු වික්‍රමය,සෝමපුර වීරයෝ,කල්ලන් දූවේ මුතු කොල්ලය ඒ කාලෙ කියවපු පොත් වලින් හුගක්ම මත්කයේ  රැදුනු පොත් තමයි.

සුනිල්,අජිත් සහ රුවන් කියන යාලුවො තුන් දෙනෙක් වටා ගෙතුනු කතා තුනක්.සෝම පුර වීරයෝ කතාවෙනම් තියෙන්නෙ සෝමවතිය පැත්තෙ කැලෙක නිදන් හොරු ටිකක් “කීර්ති”  කියලා සර් කෙනෙක්ව  හිර කරගෙන ඉන්නවා.කොල්ලො තුන්දෙනා එකතු වෙලා සර් ව බේර ගන්න හැටි තමා.

කල්ලන් දූවේ මුතු කොල්ලය කතා වෙනම් තියෙන්න කල්පිටිය පැත්තෙ දූවක තිබිල නැති වෙච්ච මුතු මාලයක් හොයා ගන්න කතාවක්.

තුන් යහලු වික්‍රමය නම් මට හරියට මතක නැහැ.මහනුවර කුන්ඩසාලේ පැත්තෙ නිදන්  හොරුන්ගෙ කතාවක් මට මතක විදියට.

කැලෑවල් වල ගිහිල්ල,රෑ එවයි නැවතිලා හොරැත් එක්ක සටන් කරන හැටි කියවන කොට අපිත් ඉතින් ඒ චරිත වලටම ආරූඩ වෙලා ඉවරයි.හැම වෙලේම හිතේ තියෙන්නෙ අපිටත් මෙහෙම වැඩක් කරන්ඩ තියනවා නම් කියලා තමයි.

ටික ටික කාලය ගත වෙලා O/L,A/L පන්ති වලට ආවහම ඉතින් ප්‍රස්ථාර,මූල ද්‍රව්‍ය,සමීකරණ,පරීක්ෂණ නල අතර ජීවිතේ හිර උනා.ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ කොම්පියුටර් ඉගෙන ගන්න ගත්ත.දැන් නම් අපිවත් නිකන් කම්පියුටර්ම වෙලා.ඔහොම හරි පොතක් කියවන්න ලැබිච්ච එක නම් හිතට ලොකු සතුටක් .

Advertisements

9 Responses

  1. මතක් කරනකොටත් ආසයි…

    “කල්ලන්දූවේ මුතු කොල්ලය” මා ලඟ තිබුනා ඒ දවස්වල. මං හිතන්නේ කවුරුහරි අරන් ගියා, ආපහු ආවේ නෑ (පොතයි ගෑණියි වෙන අතකට ගියොත් ගියාමයි කියනවනෙ !) මම පිස්සුවෙන් වගේ කියවපු පොතක් ඒක. ආපහු ආපහු කියෙව්වා, 100 පාරකට වඩා කියවල ඇති. “තුන් යහලු වික්‍රමය” හා “සෝමපුර වීරයෝ” මම යාලුවන්ගෙන් ඉල්ලගෙන කී පාරක් කියෙව්වද කියල මතක නෑ.

    ඇත්තටම කුලසේන පොන්සේකා මහත්මයාගෙ ඒ යොවුන් වික්‍රම පොත් හරිම සුන්දරයි විතරක් නෙමෙයි, යොවුන් වයසට ගැලපෙන විදියටම ලියලා තිබුණ. දැන් එන ලමා පොත් වල (විතරක් නෙමේ ලමා චිත්‍රපට වල) තියෙන්නෙ ප්‍රේම කතා නෙ.

    මම තව කියවපු ලස්සන යොවුන් වික්‍රම පොතක් තමා “දිරිය දරුවෝ” (ඒකත් මං ලඟ තිබුණා, දැං අතුරුදන් !) ලියල තියෙන්නේ කවුද කියල මතක නෑ, ගුණසේන සමාගම තමා මුද්‍රණය කරල තිබුනේ. පුලුවන් නම් හොයාගෙන කියවන්න.

  2. ඇයි “පැපොල් ගහ කන්ද” ඒකත් ඔය පොත් ත්‍රිත්වය එක්කම යන යොවුන් වීර නවකතාවක්. කියවල නැද්ද.

  3. අම්මො ආසාවේ බෑ..!!!!! මම නම් දහ පහළොස් පාරක් කියවල ඇති ඒතායිත් හම්බ උනොත් විසි තිස් පාරක් උනත් කියවනවා !!!!!!!!!!!

  4. ඇයි “රන්සිරිගේ සංග්‍රාමය”.ඒකත් කුලසේන ෆොන්සේකා මහත්මයගෙ හොද පොතක්නෙ.මට මතක විදිහට ඔය පොතෙන් ටෙලි නාට්‍යයකුත් හැදුන.

    • ඔව්..ඔව් ඒකත් එතුමගේ තමා.නාට්‍යයකුත් හැදුනා.සෝමපුර වීරයො නව කථාවත් ටෙලි නට්‍යයකට නැගුන. තුන් යහලු වික්‍රමය 1984 ත් සෝමපුර වීරයෝ 1988 දිත් රන් සිරිගේ සංග්‍රාමය 1989 දිත් රාජ්‍ය සම්මාන දිනා ගත්ත.

  5. කල්ලන්දූවේ මුතු කොල්ලය නම් මගෙ ලග තිබුන, ඔය කතා 3 මාත් ආසම 3ක්.
    අනිත් කතා 2 නම් දැන් මතකත් නෑ…

  6. මමත් හෙන ආස පොත් තුනක් මන් ගාවත් තියෙනවා

  7. මමත් කියවපු හොඳම පොත් වලින් තුනක්.

  8. Kawadaawath amataka wenne nathi poth 3k, Apita ea kaale Hardy Boys, Nancy Drew ganna salli tibbe naane, Ayeth kiyawanna hitai…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: