මතකද “බුදු රැස්” විහිදුනා….

නෙට් එකේ ඉන්නකොට පරණ බ්ලොග් එකක් කියවන්න ලැබුනා.එකෙ තිබුනෙ මීට වසර කිහිපයකට කලින් සිදු වුනු බුදු
පිළිම වලින් “බුදු රැස්” විහිදුනා යැයි කියන සිද්ධිය සම්බන්ධව.ඒ දවස් වල නම් ඔය ගැන ලොකු කතා බහක් තිබුනා.නොයෙක්
නොයෙක් මතත් පල වුනා.අද නම් ඔය ගැන සදහනක් වත් නෑ.
ඔය සිද්ධිය වුනේ මට මතක විදියටනම් 2006 ජූලි මාසෙ අන්තිම සතියෙ විතර.ඒ කියන්නෙ දැන් අවුරුදු තුනකට විතර
කලින්. මුලින්ම දකුණු පළාතෙ පන්සල් වලින් තමයි ඔය ගැන වාර්තා වුනෙ.ඊට පස්සේ මුළු ලංකාවෙම ව්‍යාප්ත වුනා.ඕක
ආරංචි වෙච්ච ගමන් මමත් කලේ කවුරුත් වගේ ලඟම තියන පන්සලකට දුවලා ගිය එක තමා.බුදු අම්මෝ! හිටපු
සෙනගක්.මිනිස්සු කෑ ගහනවා අන්න බුදු රැස් විහිදෙනවා කියලා…සාදුකාර දෙනවා ….එක කෙලියයි.
මමත් ඉතින් සෑහෙන වෙහෙසක් දරල බුදු පිළිමේ ළගටම ගිහිල්ල බැලුවා.මිනිස්සුනම් සාදුකාර දි දී බලා ගෙන ඉන්නවා. මට
නම් හැබැයි කියන්ඩ තරම් විශේෂ දෙයක් පෙනුනෙ නැහැ.මොනව කරන්නද මම ආව එන්ඩ..
මේ දවස්වල රූපවාහිනියෙත් ඔය ගැන ලොකු ලොකු සංවාද ගියානෙ.පිටිදූවෙ හාමුදුරුවොයි ආචාර්ය චන්දන ජයරත්න
මහත්තයයි ඔය සිද්ධිය දෘෂ්ඨි මායාවක් කියලා ප්‍රතික්ෂ්ප කලා.
හැබැයි බණ්ඩාරවෙල අමිතානන්ද වගේ ස්වාමීන් වහන්සෙලා මේ සිද්ධිය ප්‍රතික්ෂේප කලේ නැහැ.
හුඟක් දෙනා කියුවෙ රතු හා කහ වර්ණ වෙන් වෙන තැන මේ විදියට පේනව කියලා.ඒ වගේම පොඩි දේශපාලනයකුත්
ඔතනට ගෑවුනානෙ.මොකද දුටු ගැමුණු රජතුමා රජ වුනු කාලෙත් ඔය වගේ ප්‍රාතිහාර සිද්ධ වුනා කියලා ඉතිහාසයේ සදහන්
වෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ජනාධිපති වෙලා ඔය දවස් වෙනකොට වැඩි දවසක් නැහැනෙ.
ඒ වගේම තවත් කියවුන දෙයක් තමයි..ඔය දින කිහිපය තුලදී බොහොම බලගතු උපතක් සිද්ධ උනා කියලා.
අනේ මන්ද මේවයින් ඇත්ත මොකක්ද කියලා…හැබැයි මේකෙන් එකම එක හොද දෙයක් වුනා.ඒ තමා වැස්සකට වත්
පන්සලකට ගොඩ නොවෙන උදවිය පන්සල් ගිය එක.

නෙට් එකේ ඉන්නකොට පරණ බ්ලොග් එකක් කියවන්න ලැබුනා.එකෙ තිබුනෙ මීට වසර කිහිපයකට කලින් සිදු වුනු බුදු පිළිම වලින් “බුදු රැස්” විහිදුනා යැයි කියන සිද්ධිය සම්බන්ධව.ඒ දවස් වල නම් ඔය ගැන ලොකු කතා බහක් තිබුනා.නොයෙක් නොයෙක් මතත් පල වුනා.අද නම් ඔය ගැන සදහනක් වත් නෑ.

ඔය සිද්ධිය වුනේ මට මතක විදියටනම් 2006 ජූලි මාසෙ අන්තිම සතියෙ විතර.ඒ කියන්නෙ දැන් අවුරුදු තුනකට විතර කලින්. මුලින්ම දකුණු පළාතෙ පන්සල් වලින් තමයි ඔය ගැන වාර්තා වුනෙ.ඊට පස්සේ මුළු ලංකාවෙම ව්‍යාප්ත වුනා.ඕක ආරංචි වෙච්ච ගමන් මමත් කලේ කවුරුත් වගේ ලඟම තියන පන්සලකට දුවලා ගිය එක තමා.බුදු අම්මෝ! හිටපු සෙනගක්.මිනිස්සු කෑ ගහනවා අන්න බුදු රැස් විහිදෙනවා කියලා…සාදුකාර දෙනවා ….එක කෙලියයි.

මමත් ඉතින් සෑහෙන වෙහෙසක් දරල බුදු පිළිමේ ළගටම ගිහිල්ල බැලුවා.මිනිස්සුනම් සාදුකාර දි දී බලා ගෙන ඉන්නවා. මට නම් හැබැයි කියන්ඩ තරම් විශේෂ දෙයක් පෙනුනෙ නැහැ.මොනව කරන්නද මම ආව එන්ඩ..

මේ දවස්වල රූපවාහිනියෙත් ඔය ගැන ලොකු ලොකු සංවාද ගියානෙ.පිටිදූවෙ හාමුදුරුවොයි ආචාර්ය චන්දන ජයරත්න මහත්තයයි ඔය සිද්ධිය දෘෂ්ඨි මායාවක් කියලා ප්‍රතික්ෂ්ප කලා.හැබැයි බණ්ඩාරවෙල අමිතානන්ද වගේ ස්වාමීන් වහන්සෙලා මේ සිද්ධිය ප්‍රතික්ෂේප කලේ නැහැ.හුඟක් දෙනා කියුවෙ රතු හා කහ වර්ණ වෙන් වෙන තැන මේ විදියට පේනව කියලා.ඒ වගේම පොඩි දේශපාලනයකුත් ඔතනට ගෑවුනානෙ.මොකද දුටු ගැමුණු රජතුමා රජ වුනු කාලෙත් ඔය වගේ ප්‍රාතිහාර සිද්ධ වුනා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ජනාධිපති වෙලා ඔය දවස් වෙනකොට වැඩි දවසක් නැහැනෙ.  ඒ වගේම තවත් කියවුන දෙයක් තමයි..ඔය දින කිහිපය තුලදී බොහොම බලගතු උපතක් සිද්ධ උනා කියලා.අනේ මන්ද මේවයින් ඇත්ත මොකක්ද කියලා…හැබැයි මේකෙන් එකම එක හොද දෙයක් වුනා.ඒ තමා වැස්සකට වත් පන්සලකට ගොඩ නොවෙන උදවිය පන්සල් ගිය එක.

රැස් දහරා

Advertisements

5 Responses

  1. ඔව්වගේ යම් ඇත්තකුත් තියෙන්න පුලුවන්… සමහර දේවල් විද්‍යත්මකව ඔප්පු කරලා තියෙනවා… සමහර එව්ව නැ… එව්වා බොරු කියලා කියන්න අපිට බෑ….

  2. ඇත්ත, පින්වත් කෙනෙකුගේ පිලිසිඳ ගැනීමක් උනා, ආස්චර්යය හැම කෙනෙකුම බුදු පිලිම දිහා බැලුව, ඒකම ආශ්චර්යයක් නෙමේද? ඔය ඉපදුන පින්වන්තයා අනාගතයේදී මිනිසුන්ගේ දහම් මනස අවදි වන ආශ්චර්යයමත් ධර්ම දෙශනා කරනව, බලාපොරොත්තුවෙන් ඉන්න, ඒත් තව අවුරුදු 20ක් වත් යයි, කොහොමත් අපේ අනාගතය පුන්‍යවන්තයි

  3. මේවාගේ දෙවල් හරිම තාවකාලිකයි. මේ උනා ආයි හෙට ඉඳන් නැහැ

  4. වටිනා ඉදිරිපත් කිරීමක්. තවත් ඉදිරිපත් කරන්න. පුළුවන් නම් මේ හා බැඳි තවත් තොරතුරු විස්තර සහිතව දක්වන්න. එය වඩාත් ප‍්‍රයෝජනවත් වෙයි.

  5. බුදුරැස් පිටවෙන්න බැහැ කියලා විශ්වාසයක් තිබිය යුතු නැහැ. මොකද බුද්ධත්වය කියන්නේ මේ විශ්වය තුල තියෙන දෙයක්… යම් කිසි පෙරුම් පුරන අති දුර්ලභ මහා උත්තමයෙක් ඒ බුද්ධත්වය ලබාගැනීමට කල්ප ගණනක් පෙරුම් පුරලා එය තමා තුලට ගන්නවා. එය ලෝක සත්‍යය. එවැනි බුද්ධත්වයට පත්වූ අප මහා ගෞතම බුදු පියාණන්වහන්සේ නොසිටියත් ඒ අනන්ත වූ බුදු ගුණ මේ විශ්වයේ තියෙනවා.
    මේ ලෝකය තුල යම් පිබිදීමක් හෝ බුදු දහම විනාශයට පත්වීමක් යනාදිය ගැන ඒ ගුණ ‍තුලින් යම් පෙන්නුම් කිරීමක් සිදු කරන්නට ඕනෑම අවස්ථාවක පුළුවන්. එය හැම තිස්සේම පෙන්නුම් කර කර තියෙනවා කියන නියමයේ ඉන්න අවශ්‍ය නැහැ… හරියට අනතුරු ඇගවීමක් හෝ යම් දෙයක් වරක් දන්වා ඉන්පසු නිහඩවෙනවා වැනියි… ඉන්පසු ‍සිදුවෙන දේ සිදුවෙනවා… පංච ඉන්ද්‍රීය මානසිකත්‍වයෙන් හා එවායින් එහා මේ අති මහත් විශ්වයේ සිදු‍වන දෙයින් ඔබ්බට ගිය ඇත්තන් ඒ තතු නියමාකාරයෙන් වටහාගන්න අතර භෞතික වාදීන් හෙවත් දස වස්තුක මිත්‍යා දෘෂ්ඨීන්ට යටත් වූවන් එවැනි දේ අළුයම ලූ කෙල පිඩක් සේ ඉවත ලනවා.
    මේ ගැන වාද විවාද තුලින් සිතිය යුතු නැහැ. වෙන්න තියෙන දේ සිදුවේවි… මේ පිබිදීම නොබෝ වසර කීපය තුල බිහිවන මහාරහතන් වහන්සේලා සහ බුදු දහමේ පිබිදීම ගැන පලකරන සත්‍යම ඉගියක් වීමට හැකිය. එසේම ඒ වන විට බුදු ගුණ සත්‍ය ලෙසම අනන්ත බව වටහා ගත් පිරිසක් විසින් කල අධිශ්ඨානයක් සඵල වූවා වැන්න… මෙවැනි බොහෝ දේ අපට නොපෙන ‍මේ විශ්ව කරුණු තුල ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: