සිරස සුපර් ස්ටාර්…අමල්, සමිතා වැඩේ නම් කැතයි…..

මේ දවස් වල විකාශය වෙන සිරස සුපර් ස්ටාර් තුන් වන අදියරේ වැඩසටහන් බලනවා. බලනවා කියුවට බලන්නෙම නැහැ.චැනල් මාරු කර කර ඉන්නකොට දැක්කහම බලනවා.සුපර් ස්ටාර් කියුවට ඒකට “කොමඩි ස්ටාර්” කියුව නම් තමා වඩා හොද.මොකද වැඩසටහනේ ම්නිස්සුන්ගේ ගායන කුසලතාවයන්ට වඩා ඉස්මතු කරලා පෙන්නන්නෙ එතනට ඇවිල්ලා පිස්සු කෙලින ඒවනෙ.

ඒකටම හරියන විනිශ්චය මණ්ඩලය.සමිතා මුදුන්කොටුවයි,අමල් පෙරේරා ගැන නම් කියල වැඩක් නැහැ.ඔතනට ගොඩක් එන්නේ සංගීතය ගැන ඉගෙන ගත්ත මිනිස්සු නෙමේනෙ.හුඟක් මිනිස්සු ඈත පළාත් වල කට්ටිය.ඉතින් ඔය මිනිස්සු කැමරාවක් ඉස්සරහට,විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහට ආවාහම පොඩි චකිතයක් ඇති.සමහර විට තමන්ගෙ හැකියාවන් හරියට ඉදිරිපත් කර ගන්නත් බැරි වෙනවා ඇති.

ඉතින් එහෙම වෙලාවට ඒ මිනිස්සුන්ගෙ තියන අඩුපාඩුවක් පෙන්නලා දෙන එකනෙ යුතුකම.ඒත් අර කියුව දෙන්නා ඉතාම කැත විදියට ඒ මිනිසුන්ගෙ ගායන හැකියාවන් සහ ඇතැම් අංග චලන හාස්‍යයට සහ අවඥාවට ලක් කරනවා.මේවගේ දේවල් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයකට නම් කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.මෙකෙන් පේන්නෙ ඉතින් පෙනෙන්නෙ තමන්ගෙ පෞරුෂයේ අඩු පාඩු කම් මිසක් වෙන දෙයක් නෙමේ.

Advertisements

9 Responses

  1. මෙහෙමයි. ඕකෙ දෙපැත්තක් තියෙනවා. එක අතකින් ඔබ කියන දේ හරි. අනිත් පැත්තෙන් ඕකට තමා රියැලිටි ෂෝ කියන්නේ. සුපර් ස්ටාර් වල තාත්තා වන American Idol බැලුවොත් තේරෙයි. ඒ නිසා මිනිස්සු දැනගන්න ඕනෙ ගිහින් නෝන්ඩි වෙනවද නැද්ද කියල.

  2. ඔබ කියන කතාව මම පිළිගන්නවා.සමහර මිනිස්සු නම් සිරසින් ම එවපු මිනිස්සුමද කියලත් හිතෙනවා.

  3. මමත් හිතනවා එහෙම.

    ඒ විතරක් නෙමෙයි දකින්න ඇති පහුගිය සතියක අමල් පෙරේරා හා චන්ද්‍රිකා සිරිවර්ධන රණ්ඩු උනා. ඒවා ‍කලින් කතා කරගෙන රඟ දක්වන සිද්ධි කියලයි මට හිතෙන්නේ.

  4. ooka balanna epa, LTTE ekata suport kala ayithi kaarek ne, oya nariya, anika oowaye yana eewata oya widiyata rawatenna epa

  5. kemathi kattiya balanna. akamethi kattiya nobalanna.echcharae.pruthajjana minisage sebe pissuwa super star eliyata danawa.

  6. රියැලිටි නම් රියැලිටි වෙන්න ඔනේ. ඉතින් එහෙම බලද්දී අමල් පෙරේරා කරන දේ ඉතා සර්ථකයි. අනික ඔය දෙරණ වගේ අනික් අයට බැන බැන ඉන්නවට වඩා තමන්ගෙ වැඩේ සර්ථකව කරන එක ගැන සිරසට ස්තූතිවන්ත වෙන්න ඔනේ.

  7. චූටා, ඕක තියෙන්නෙ සංගීත හැකියාව බලන්න නෙවෙයි බං. මිනිස්සු නෝන්ඩි වෙලා යන හැටි පෙන්නලා ඒකෙන් හොඳ එවුන් ටික විකුණගන්න එක. සංගීත හැකියාව නම් මනින්න ඕනේ තියෙනවා සංගීත පාසැල් හා විබාග. සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුලුවන්. හැබයි ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් නෙවෙයි. කල් යනවා, මහන්සි වෙන්න ඕනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: