ජැක්සන්ගේ මරණය සහ දුෂ්‍යන්තගේ ඇඩීම

ජැක්සන්ගේ මරණය අහල ඔහුගේ රසිකයෝ සෑහෙන කනගාටු වුනා.අපේ රටේ වගේම ලෝකෙ හැම තැනම වගේ.ඔහුගේ නර්තන විදිය අනුගමන කරන නර්තන ශිල්පියෙක්නෙ අපේ රටේ දුෂ්‍යන්ත.එයාගෙන් මේ ගැන අහනව දැක්ක සිරස ප්‍රවෘත්ති වලිනුයි ස්වර්නවාහිනියෙ වැඩසටහනකිනුයි.මිනිහනන් අඩනවා ගෙදර කෙනෙක් මැරිලා වගේ.මේකෙ විඩීයෝ එකක් දැක්ක youtube  එකේ.ඉතින් එකේ ලියලා තිබුනු සමහර comments නම් මෙතන පළ කරන්න සුදුසු නැහැ.95% තිබුනෙ මිනිහට බැනලම තමා.

සමහරු අහලා තිබුනෙ පහුගිය කාලෙ අපේ කොල්ලො දහස් ගාණක් මැරුණ එතකොටත් ඔහෙම ඇඩුනද කියල. තවත් අය අහල තිබුනෙ අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරුණහමත් ඔහොම ඇඩුවද කියලා.

සමහර විට මිනිහගෙ සංවේදිකම නිසා වෙන්න ඇති ඔහොම අඩන්නෙ.එත් අපේ රටේ සිද්ද වෙන දේවල් වලටත් ඔහොම සංවේදි වෙනවනම් තමා හොද.

Advertisements

21 Responses

  1. මෙවා දැකලා පණ පලයන් ලබන පෙරේදා

  2. දුෂ්‍යන්ත්ගේ පොඩි ඇඩ් කෑල්ලක්නේ මේක. 😀 හිනා කාලා මැරෙනවා අපිත්!

  3. I never thought that “Api Nodanna Live” will become a reality so soon.

  4. මාත් දෑක්කා.අනේ අපොයි.ගෑනු ළමයි තව හොදයි.මෙන්න ඒකට….

  5. හඬන විදි ගැන නම් එතුමාට පාඨමාලාවක් කරන්න වෙයි වගේ!

    “පහුගිය කාලෙ අපේ කොල්ලෙ දහස් ගාණක් මැරුණ එතකොටත් ඔහෙම ඇඩුනද කියල. තවත් අය අහල තිබුනෙ අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරුණහමත් ඔහොම ඇඩුවද කියලා.”

    ඇත්ත තමා, ඒ අස්සට අපේ උතුරේ අය මැරෙද්දී හැඬනාද කියලා අහන්නත් ඕනේ!

  6. අනේ අපේ මිත්‍රවරු වැඩිය තරහ ගන්න එපා . . ඕවා ඔය ඉතින් පොඩි පොඩි මාර්කටින් වැඩනේ. . .

  7. මේ බොරැකියන්න ඔනේ නැහැ අවංකවම මටත් ඇඩුනා.මයිකල් මල එකට නෙමේ දුෂ්‍යන්තගේ ඇඩිල්ල දැකලා.හික්..හික්..

  8. හික් හික් හික්ක්ක්ක්ක්…..හිනා යනව ඕයි…

  9. මිනිහා අඬන එක සාධාරණයි. මිනිහගේ වැඩකෑලි සේරම ජැක්සන්ගේ එවනේ. තමුනට ජීවත් වෙන්න මාරගයක් හොයලා දීපු එකා මළාම අඬන්න එපායෑ

  10. හූ….. හූ…. කොමඩි කෑල්ලක්. 🙂

  11. අඬන එක සාධාරණයි. මේ යකා මෙච්චර කාලයක් කලේ මයිකල් ජැක්සන් ව ලංකාවේ ඉන්න මෝඩ හරකුන්ට විකුණපු එකනේ. ඉතින් අඬෙන්නේ නැද්ද?

  12. මං මේක රිපීට් කර කර බැලුවා. අම්මෝ කට රිදෙනව හිනා වෙලා.. හොඳට රඟපානවනෙ..

  13. “සමහරු අහලා තිබුනෙ පහුගිය කාලෙ අපේ කොල්ලො දහස් ගාණක් මැරුණ එතකොටත් ඔහෙම ඇඩුනද කියල. තවත් අය අහල තිබුනෙ අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරුණහමත් ඔහොම ඇඩුවද කියලා.

    සමහර විට මිනිහගෙ සංවේදිකම නිසා වෙන්න ඇති ඔහොම අඩන්නෙ.එත් අපේ රටේ සිද්ද වෙන දේවල් වලටත් ඔහොම සංවේදි වෙනවනම් තමා හොද.”

    අපි කොහොමද කෙනෙක්ට බල ක‍රන්නෙ, යුද්දෙ, කෙමදාස මාස්ටර් වගෙ දෙවල් වලට අනිවාර්යෙන්ම සංවේදී වෙන්න කියල…

    අවංකව කිව්වොත් මමත් ඔය යුද්දෙට සංවේදී නෑ..
    හැබැයි මාස්ට‍ර් ගෙ ම‍රනය මට සංවෙදී වුනා, MJ ගෙ ම‍රනයත් ඒවගේ..

    • කෙනෙකුට මේකට සංවේදි වෙන්න අරකට වෙන්න එපා කියල අපිට කියන්න බැහැ.ඒ තම තමන් හිතන පතන විදිය සහ හැදිල තියන විදිය තමා.රට වෙනුවෙන් දහස් ගාණක් කොල්ලො මැරෙන කොට යුද්දෙට මැදි වෙලා අහිංසක මිනිස්සු මැරෙනකොට ඒ කට සංවේදි නැති නම් මට ඔයා ගැන හරි පුදුමයි.

      • බොබ් මාලේ මැරෙන කොට රෙගී කාරයෝ ඇඩුවා.
        චේගුවේරා මැරෙනකොට කොමියුනිස්ට්කාරයෝ ඇඩුවා.
        ජොතිපාල මැරෙන කොට ජෝතිපාලට කැමති කට්ටිය ඇඩුවා.
        කේමදාස මාස්ටර් මැරෙන කොට මාස්ටර්ට කැමති කට්ටිය ඇ‍ඩුවා.
        පේමදාස මැරෙනකොට යුඑන්පී කාරයෝ ඇඩුවා.
        විජේවීර මැරෙනකොට ජේවීපී කාර‍යෝ ඇඩුවා.
        ප්‍රබාකරන් මැරෙනකොට එල්ටීටි කාරයෝ ඇඩුවා.
        මයිල්කල් ජැක්සන් මැරෙන කොට පොප් සංගිත බ්‍රෙක් ඩාන්ස් කාරයො අඩනවා..
        සාමාන්‍ය කැමැත්තකට වැඩිය ජනප්‍රිය චරිත අණුකරනය කරමින් ඔහු අදහමින් ඔහු දේවත්වයෙන් සලකමින් උමතුවෙන් වගේ ඉන්න රසික‍යොත් ඉන්නවා.ඒ වගේ පුද්ගලයන්ට තමාගේ නායකයා මැරුනම දුකයි.සමහරැ එවැනි අය මැරැනම සියදිවි හානිකරගන්න පවා උත්සාහ කරනවා.සමහරැ ඇගේ පච්ච කොටාගන්නවා..දුෂ්‍යන්ත් කියන්නෙත් එහෙම පොඩිකාලේ ඉදන් මයිකල් ජැක්සන් වීරයා හැටියට සලකමින් ඔහුගේ වීඩියෝ බලමින් අණුකරණය කරමින් තවත් ජැක්සන් කෙනෙක් වෙන්න උත්සාහ කරපු කෙනෙක්..ඇත්තටම දුෂයන්ත් කියන චරිතය බිහිවෙන්නෙ ජැක්සන් හින්දා.ඔහුට ඇත්තටම දුක දැනෙනවා ඇති.
        අපි කොහොමද කියන්නෙ ඔහු යුද්දෙන් මැරුණු මිනිසුන්‍ වෙනුවෙන් දුක් වුනේ නැහැ කියලා..ඔබ දැක්කද ඔහු දුක් නොවෙනවා..

        තව දෙයක් කලාව දේශපානය වගේ දේවල් රටක් ජාතියක් අනුව නොව එය ජාත්‍යන්තර වශයෙන් බැලිය යුතු දෙයක්.
        ජැක්සන් වෙනුවෙන් ඉන්දියාවෙත් අඩන මිනිස්සු ඉන්නවා අරාබියෙත් ඉන්නවා අප්ප්‍රිකාවෙත් ඇමරිකාවෙත් ඉන්නවා..

  14. @ම්‍ධ්‍යම පාන්තිකයා, මම එල්ල කරේ ඔහුටවත් කාටවත් නොව චුට්ටාගේ සටහනට ඌණ පුර්ණයක් එකතු කරා විතරයි. ඔබ ඊට තව අමතර කොටස් එකතු කරා.

    කෙසේ වෙනත් මයිකල්ගේ සිංදු තුලින් වටිනා සේවාවක් කරා යුද්ධය, සොබා දහම, මානුෂ්‍ය විවිධත්වය, දුගීකම හා ළමුන් වෙනුවෙන්. මගේ වුණත් ඒ කාරණා ගැන දැනුමක් මුලින් දැනුනේ මයිකල් නිසා!

  15. මට අද විස්වාසවන්ත යාලුවෙකුගෙන් දන ගන්න ලැබුණා මෙකෙ ඇත්ත සිද්දිය. ඌට බණින්න එපා. අඬපු එක හරි.

    දැන් ඔය ගහක් ගලක් වගෙ හිටිපු මයිකල් ලොක්කා හදිස්සියෙ හර්දයාබාධයකට ලක් උනේ කොහොමද? පොඩි කොල්ලන්ටත් බැරි එක එක සෙල්ලම් දාපු එකා. සැක සහිතයි නේද? මේක අතුලෙන් ලීක් වෙච්ච කතාවක්.

    මයිකල් ලොක්කා ඔන්න ඔහෙ දවසක් යූ ටියුබ් එකේ පොඩි සීන් ටිකක් බලන කොට දැක්කලු අපේ දුෂ්‍යන්ත මල්ලි උගේ සහායික කෙල්ලත් එක්ක ඩාන්සින් ස්ටාර් එකෙ නටනවා. මයිකල් වගේම ඇඳගෙන ඒ වැඩ කිඩ ම කොපි කරලා [ඒක ඕන්නම් බලන්න යූ ටියුබ්]. දැක්ක ගමන් කෑ ගැහුවලු මයිකල්, “මේ මොකෙද්ද මේ? යකෝ මෙච්චර කැත ද මගෙ ඩාන්සින්” කියලා. එදා මයිකල් ප්‍රැක්ටිස් කරලත් නෑ. දුෂ්‍යන්තට කෝල් කරලා අම්බානට බැන්නලු අන්තිමේදි. ඒ හිතේ වෙදනාවට ටික වෙලාවකින් පපුව අල්ල ගෙන වැටිලා තියෙනවා. ඔන් ද ස්පොට් අතට සල්ලි.

    ඒකයි දුෂ්‍යන්ත මල්ලි හිට ගෙන අඬන්නෙ. නංගිත් හෝ ගාලා අඬනවා ලු ගෙදර, ඒත් කවු ද එයාට රූපවාහිනියේ අඬන්න දෙන්නේ.

    දැන්වත් ඌට දොස් කියන්න එපා.

  16. Api kawawath anu karanaya karana eka neme wadayath Api ape wirayage hoda lakshana egena ganeemai wadagath mama MJ loloyek nam neme apta MJ ta wada wadayath wenne MJ ge sahodara sahodariyanwai mokoda suddu kallanwa pagagena inna kaleka mee sahodara set eka group ekak hadagena mulu amerikan karain okkoma nattuwa mein upan podi jakson kolowa break dance walin sadunu ohutama avenika wuu wenama natum kalawak yoda animin sinndu kiyanna patan gatha meyai ohuge pawathmata godak balapawe

  17. ඕවා ඔය ඉතින් පොඩි පොඩි මාර්කටින් වැඩනේ. . .
    ඒවුනාට ෙනාන්ඩි අැ………………………….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: