ඔබාමා මරා දැමිය යුතුද? Facebook විමසුමක්

ඇමෙරිකානු ජනපති බැරැක් ඔබාමා මරා දැමිය යුතුදැයි?විමසමින් ජනමත විමසුමක් Facebook අන්තර්ජාල සමාජ සම්බන්ධතා ජාලයට පසුගිය සෙනසුරාදා එක්කළ පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුමක් දියත් කිරීමට එරට රහස්‍ ඔත්තු සේවා පියවර ගෙන ඇත.

බී.බී.සී සේවය පවසන්නේ මෙම ජාලයට පිටස්තර තෙවැනි පාර්ශවයක් විසින් මෙය එක්කර තිබූ බවත් පසුව වහාම එය ඉවත් කර ගැනීමට ක්‍රියා කර තිබූ බවයි.

අපි මෙය ජනපතිවරයාගේ ජිවිතයට එල්ල වූ අනිකුත් තර්ජන වගේම ඉතා බැරෑරුම් කොට සලකනවා යැයි, ඇමෙරිකානු රාහස්‍ ඔත්තු සේවා අංශ ප්‍රකාශකයෙකු පවසා තිබුණි.

ඇමෙරිකානු ජනපතිවරයා මරා දැමිය යුතුද? යන්න විමසමින් එයට ඔව්, නැහැ, සමහරවිට හා ඔව් ඔහු මගේ සෞඛ්‍ය වියදම් කපා දැමුවහොත් අදී ලෙස පිළිතුරු 04 ක්ද එයට ඇතුළත් කර තිබි ඇත.

Facebook පාලකයින් අදාල පරීක්ෂණ වලට සම්පූර්ණ සහාය දැක්වීමට එකඟ වී ඇත.

උපුටා ගැනීම – විමසුම.com

2 Responses

  1. මොකද කියන්නේ ඔබ මා මරාදැමිය යුතුද?

chaminda වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න