WiMAX ගමට ගෙනියන්න සමාගම් සූදානම්

අඩුමිල අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට විදුලි සංදේශ සමාගම් විසින් WiMAX ජාල ගොඩනැගීම ජනවාරියේ සිට අරඹන බව නියාමකයා කියයි.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති, ප්‍රියන්ත කාරියප්පෙරුම සඳහන් කරන්නේ, මෙම පහසුකම් ව්‍යාප්ත කිරීම තුළින් ගම්බද ප්‍රදේශවලට e-learning හා telemedicine වැනි පහසුකම් සැපයීමට හැකිවනු ඇති බවයි.

ඩයලොග්, ලංකාබෙල් හා සන්ටෙල් මේ වනවිටත් 3.5G තාක්ෂණය ඔස්සේ WiMAX සේවා ලබාදීම සිදුකරන අතර මෙම සමාගම් තුන සඳහා මෙම සේවාව ලබාගැනීමට පාරිභෝගිකයින් 12,000 ක් පමණ මේ වනවිට සිටින බව, කාරියප්පෙරුම මහතා සඳහන් කරයි.

වර්තමාන අන්තර්ජාල පහසුකම් සමග සැසඳීමේදී තුන් ගුණයක් පමණ වේගවත් තුන් ගුණයකින් පමණ මිල අඩු WiMAX තාක්ෂණය මගින් රැහැන් රහිත පුළුල් පරාස අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදෙන අතර මෙමගින් යටිතල පහසුකම් එතරම් දියුණු නොමැති ගම්බද ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ව්‍යාප්ත කිරීමේ හැකියාව තිබේ.

vimasuma.com

Advertisements

3 Responses

  1. ඇත්තටම මේ වැඩේ කියන විදියට සිද්ධ උනොත් අපේ රට හිතාගන්න බැරි වේගෙකින් ඉස්සරහට යාවි….

    කාලයාට ඉඩ දී බලාගෙන ඉදිමු

  2. කියන වැඩේ ‍කලොත් එළ… බට් වයිමැක්ස් පවා අල විය හැක.. ලොකු බලාපොරොත්තු නොතියා ගෙන තියෙන හකුරෙන් වැඩ කරගෙන යං

  3. මේක ADSL ගන්න බැරි අයට හොඳ විසදුමක් වෙයි. දැනට නං ලංකාවේ WiMax අල කියලා තමයි පාවිච්චි කරන අය කියන්නෙ. ඒත් හොඳ සේවාවක් ලබා දුන්නොත් හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: