මෘදුකාංග හොරු ගජ රාමේට ගරති

ව්‍යාජ මෘදුකාංග බහුල විම නිසා ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිපදවන්නන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි,ශ්‍රී ලංකා ව්‍යාපාර මෘදුකාංග සංගමය පවසයි.

මේ සඳහා නීතිමය පියවර මෑත භාගයේ ගෙන ඇතත්,එයින් භාවිතයේ අඩු විමක් සිදු ව නැති බව පෙන්වා දෙන සංගමය ඉදිරියේදි ශ්‍රී ලංකාවේ මෘදුකාංග හා බුද්ධීමය දේපොළ නීතිය සම්බන්ධයෙන් දැනුවත් කිරිමට බලාපොරොත්තු වන බවද කියයි.

දැනට ශ්‍රී ලංකාවේ භාවිත වන පරිගණක වලින් සියයට 70 කට පමණම යොදා ඇත්තේ ව්‍යාජ මෘදුකාංග බව කියන සංගමය මේවායේ වටිනාකම රුපියල් මිලියන 7 පමණ වන බවද කියයි.

පොලිස් දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැටලිමි දිගටම සිදු කරමින් පවතින බවද සඳහන්ය.

උපුටා ගැනීම–www.vimasuma.com

Advertisements

11 Responses

  1. ඒත් නියමාකාරයෙන් මෘදුකාංග මිලදී ගන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? සල්ලි තියෙන අයට කොම්පියුටර් තාක්ෂණය. නැති අයට හුළං වගේ. ඒත් කවුරුත් විකල්ප හඳුන්වා දෙන්න මහන්සි වෙන්නේ නෑ. නීතිනම් තද කරයි ඒත් අනිත්පැත්තෙන් බැලුවාම තොරතුරු තාක්ෂණය භාවිතා කරන දුප්පතුන් අනතුරේ. http://www.lankanet.org එකෙන් අවැසිනම් විකල්ප ගැන දැන ගන්න පුළුවන්.

  2. ලංකවෙ හදපු මොන මෘදුකාංගද ඔහොම වටිනාකමක් තියෙන්නෙ, ලංකාවෙ හුගහ් හොරකොපි විදියට පාවිච්චිකරන්නෙ windows, office හා Adobe ලාගෙ මෘදුකාංග ඒවයින් ඒ සමාගම් වලට පාඩුවක් වෙන්නෙ නැහැ සුලු ලාබෙයක් නැතිවෙනව මිසක්, ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිපදවන්නන් දැඩි අර්බුදයකට ලක්වන්නෙ කොහොමද පිටරට ඒව හොරෙන් ගත්තම

  3. එක නම් සිරා කොහොමද ලංකාවට මුදුකාංග හොර කොපි හින්දා පාඩුවේන්නේ

  4. කොම්පියුටර් විකුණල අපේ රටට පිටරට හැත්ත 100% අපේ සල්ලි හූරා කනව. අපේ කොල්ලෙක් අමාරුවෙන් ඉතුරු කරල දෙමාපියන් ගෙන් ඉල්ල ගෙන (දෙමාපියනුත් ඉතින් කොහෙන් හරි නයට අරන්) කම්පියුටර් මෘදුකාංග ඉන්ජිනේරුවෙක් වුනාම පිටරටින් ජොබ් කට්ටක් වත් හොයා ගන්න නෑ. ඒව ඔක්කොම වාසි වෙන රට වලට.‍‍‍

    ඉතින් ඔය හොරාට මෘදුකාංග පාවිච්චි කරාට මොකෝ….

  5. මේ පාඩු වෙන්නෙ පිට‍රට Software මෙහෙ ගෙන්නන Agents ට කියලා
    ඇය් යකෝ තේරෙන්නෙ නැද්ද?

  6. පිටරට මෘදුකාංග හොර කොපි ලංකාවෙ අය පාවිච්චි කලා කියල ලංකාවේ මෘදුකාංග නිෂ්පාදයින්ට තියන රුදාව මොකද්ද? එහෙම අමාරුවක් තියනවනං තියෙන්නෙ සුද්දන්ට. රුපියල් මිලියන 7ක් කියන්නෙ උන්ට පයට පෑගෙන දුවිලි වගේ. ලංකාවෙ මෘදුකාංග හදන ආයතන හදන්නෙ සාමාන්‍ය ජනතාවට වැඩකට ඇති මෘදුකාංග නෙමේ ලොකු ලොකු ආයතන වලට ඕනි ඒව. ඉතිං එහෙම බැලුවාම හොර කොපි අල්ලන්න යන වියදමත් අපරාදෙ.

  7. අපේ ලග තියේන්නෙත් 100% හොර කොපි….

  8. අර කිව්වත් වගේ පිටරට මෘදුකාංග හොරෙන් පාවිච්චි කළාම ලංකාවේ කොම්පැණි වලට කොහොමද පාඩු වෙන්නෙ. අනික ඔවා සල්ලි දීල ගන්න පුළුවන් අය ඉන්නෙ කීයෙන් කී දෙනාද?

  9. හොර කොපි ගැන ඔච්චර කලබල වෙන්න එපා අපි ලංකාවෙ හදපු ඒවායෙ හොර කොපි පාවිච්චි කරන්නෙ නෑ.

  10. අපිත් මෙහෙ​ම හිටියට හොද ​හොරු තමයි.. 😀

  11. ලංකාවට ඔය නීති ගේන්නත් මෘදුකාංග කොපි කරන එකේ තියෙන සදාචාරය ගැනත් කතා කරන්නේ ඇත්තටම අපේ රටේ මෘදුකාංග කර්මාන්තයක් රකින්න නෙවෙයි. අමෙරිකානු ව්‍යාප්තවාදයට තර්ජනයක් වුණු ඒකෙ වර්ධනය අඩු කරන්නට හේතුවුණු සිදුරක් වහලා දාන්නයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: