පාසල් වයසේ සිසුන්ටත් විවාහ වෙන්න අවස්ථාවක්

ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 16 ත්, 18 ත් අතර පසුවනදරුවන්ට දෙමවුපිය භාරකරුවන්ගේ කැමැත්ත පරිදි නීත්‍යනුකූලවවිවාහ වීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිනීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක නීතිපති පාලිත ප්‍රනාන්දුමහතා පැවැසීය.

දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩිළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතියඇතත් අවුරුදු 18 දක්‌වා නීත්‍යානුකූලව විවාහ විය නොහැකි බවඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු ඇතිවන බැවින්නීතිය සංශෝධනය කිරීමට නව යෝජනා ඉදිරිපත් කර ඇතැයි හෙතෙමපැවැසීය

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය හාවර්ල්ඩ් විෂන් ලංකා එක්‌ව සංවිධානය කරන ලද ළමා ආරක්‌ෂණයපිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා පෙරේදා (10 ) කොළඹපැවැති වැඩමුළුවකදීය.

මෙම අවස්‌ථාවට සහභාගි වූ ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපතිජගත් වැල්ලවත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමාඅපචාරවලින් 50% ක්‌ම සිදු වන්නේ එකී දරුවන්ගේ සමීපතම ලේඥතීන් අතින් බවයි. තවත් 42% ක්‌ පෙම්වතුන් අතින් සිදුවනබවත් හෙතෙම පැවැසීය.

කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සුමේධා ජී. ජයසේනණී නීතිඥහර්ෂණ නානායක්‌කාරණී මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්මමහත්මීහු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

උපුටා ගැනීම lankatruth.com

Advertisements

තුන් යහලු වික්‍රමය,සෝමපුර වීරයෝ සහ කල්ලන් දූවේ මුතු කොල්ලය

පරණා පොත් රාක්කයක් අදින කොට  පොතක් තිබිල හම්බ උනා.පොතේ නම “කල්ලන් දූවේ මුතු කොල්ලය”.මේක මම අවුරුදු ගනණාවකට කලින් හුගක් අසාවෙන් කියවපු පොතක්.පස් හය ගමනක් ම කියවල ඇති.එත් ඉතින් කාලෙකට පස්සෙ හම්බ වුනු නිසා හිතේ ආසාවටත් එක්ක එක හුස්මට කියවල දැම්ම.වැඩි වෙලාවක් ගියේ නැහැ.පැය දෙක තුනකින් වැඩේ ඉවරයි.
ඔය නව යොවුන් වියට එලබෙන කොට කොල්ලන්ට එනවනෙ අමුතුම උනක්.වීර කතා,ත්‍රාස ජනක කතා එහෙමත් නැති නම් රහස් පරීක්ෂක කතා කියවන්න.මටත් ඒ කාලෙ ඔය උණ නම් හොදටම තිබුනා.
කුලසේන ෆොන්සේකා ලියපු තුන් යහලු වික්‍රමය,සෝමපුර වීරයෝ,කල්ලන් දූවේ මුතු කොල්ලය ඒ කාලෙ කියවපු පොත් වලින් හුගක්ම මත්කයේ  රැදුනු පොත් තමයි.
සුනිල්,අජිත් සහ රුවන් කියන යාලුවො තුන් දෙනෙක් වටා ගෙතුනු කතා තුනක්.සෝම පුර වීරයෝ කතාවෙනම් තියෙන්නෙ සෝමවතිය පැත්තෙ කැලෙක නිදන් හොරු ටිකක් “කීර්ති”  කියලා සර් කෙනෙක්ව  හිර කරගෙන ඉන්නවා.කොල්ලො තුන්දෙනා එකතු වෙලා සර් ව බේර ගන්න හැටි තමා තියෙන්නෙ.
කල්ලන් දූවේ මුතු කොල්ලය කතා වෙනම් තියෙන්න කල්පිටිය පැත්තෙ දූවක තිබිල නැති වෙච්ච මුතු මාලයක් හොයා ගන්න කතාවක්.
තුන් යහලු වික්‍රමය නම් මට හරියට මතක නැහැ.මහනුවර කුන්ඩසාලේ පැත්තෙ නිදන්  හොරුන්ගෙ කතාවක් මට මතක විදියට.
කැලෑවල් වල ගිහිල්ල,රෑ එවයි නැවතිලා හොරැත් එක්ක සටන් කරන හැටි කියවන කොට අපිත් ඉතින් ඒ චරිත වලටම ආරූඩ වෙලා ඉවරයි.හැම වෙලේම හිතේ තියෙන්නෙ අපිටත් මෙහෙම වැඩක් කරන්ඩ තියනවා නම් කියලා තමයි.
ටික ටික කාලය ගත වෙලා o/L,A/L පන්ති වලට ආවහම ඉතින් ප්‍රස්ථාර,මූල ද්‍රව්‍ය,සමීකරණ,පරීක්ෂණ නල අතර ජීවිතේ හිර උනා.ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ කොම්පියුටර් ඉගෙන ගන්න ගත්ත.දැන් නම් අපිවත් නිකන් කම්පියුටර්ම වෙලා.ඔහොම හරි පොතක් කියවන්න ලැබිච්ච එක නම් හිතට ලොකු සතුටක් .

පරණා පොත් රාක්කයක් අදින කොට  පොතක් තිබිල හම්බ උනා.පොතේ නම “කල්ලන් දූවේ මුතු කොල්ලය”.මේක මම අවුරුදු ගනණාවකට කලින් හුගක් අසාවෙන් කියවපු පොතක්.පස් හය ගමනක් ම කියවල ඇති.එත් ඉතින් කාලෙකට පස්සෙ හම්බ වුනු නිසා හිතේ ආසාවටත් එක්ක එක හුස්මට කියවල දැම්ම.වැඩි වෙලාවක් ගියේ නැහැ.පැය දෙක තුනකින් වැඩේ ඉවරයි.

ඔය නව යොවුන් වියට එලබෙන කොට කොල්ලන්ට එනවනෙ අමුතුම උනක්.වීර කතා,ත්‍රාස ජනක කතා එහෙමත් නැති නම් රහස් පරීක්ෂක කතා කියවන්න.මටත් ඒ කාලෙ ඔය උණ නම් හොදටම තිබුනා.

කුලසේන ෆොන්සේකා ලියපු තුන් යහලු වික්‍රමය,සෝමපුර වීරයෝ,කල්ලන් දූවේ මුතු කොල්ලය ඒ කාලෙ කියවපු පොත් වලින් හුගක්ම මත්කයේ  රැදුනු පොත් තමයි.

සුනිල්,අජිත් සහ රුවන් කියන යාලුවො තුන් දෙනෙක් වටා ගෙතුනු කතා තුනක්.සෝම පුර වීරයෝ කතාවෙනම් තියෙන්නෙ සෝමවතිය පැත්තෙ කැලෙක නිදන් හොරු ටිකක් “කීර්ති”  කියලා සර් කෙනෙක්ව  හිර කරගෙන ඉන්නවා.කොල්ලො තුන්දෙනා එකතු වෙලා සර් ව බේර ගන්න හැටි තමා.

කල්ලන් දූවේ මුතු කොල්ලය කතා වෙනම් තියෙන්න කල්පිටිය පැත්තෙ දූවක තිබිල නැති වෙච්ච මුතු මාලයක් හොයා ගන්න කතාවක්.

තුන් යහලු වික්‍රමය නම් මට හරියට මතක නැහැ.මහනුවර කුන්ඩසාලේ පැත්තෙ නිදන්  හොරුන්ගෙ කතාවක් මට මතක විදියට.

කැලෑවල් වල ගිහිල්ල,රෑ එවයි නැවතිලා හොරැත් එක්ක සටන් කරන හැටි කියවන කොට අපිත් ඉතින් ඒ චරිත වලටම ආරූඩ වෙලා ඉවරයි.හැම වෙලේම හිතේ තියෙන්නෙ අපිටත් මෙහෙම වැඩක් කරන්ඩ තියනවා නම් කියලා තමයි.

ටික ටික කාලය ගත වෙලා O/L,A/L පන්ති වලට ආවහම ඉතින් ප්‍රස්ථාර,මූල ද්‍රව්‍ය,සමීකරණ,පරීක්ෂණ නල අතර ජීවිතේ හිර උනා.ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ කොම්පියුටර් ඉගෙන ගන්න ගත්ත.දැන් නම් අපිවත් නිකන් කම්පියුටර්ම වෙලා.ඔහොම හරි පොතක් කියවන්න ලැබිච්ච එක නම් හිතට ලොකු සතුටක් .