පාසල් වයසේ සිසුන්ටත් විවාහ වෙන්න අවස්ථාවක්

ශ්‍රි ලංකාවේ වයස අවුරුදු 16 ත්, 18 ත් අතර පසුවනදරුවන්ට දෙමවුපිය භාරකරුවන්ගේ කැමැත්ත පරිදි නීත්‍යනුකූලවවිවාහ වීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයිනීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක නීතිපති පාලිත ප්‍රනාන්දුමහතා පැවැසීය.

දැනට ක්‍රියාත්මක වන නීතියට අනුව වයස අවුරුදු 16 ට වැඩිළමයින්ට තමා කැමැති කෙනෙක්‌ සමග ලිංගිකව හැසිරීමේ අයිතියඇතත් අවුරුදු 18 දක්‌වා නීත්‍යානුකූලව විවාහ විය නොහැකි බවඒ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ නොයෙකුත් ප්‍රායෝගික ගැටලු ඇතිවන බැවින්නීතිය සංශෝධනය කිරීමට නව යෝජනා ඉදිරිපත් කර ඇතැයි හෙතෙමපැවැසීය

ඒ මහතා මෙසේ පැවසුවේ ජාතික ළමා ආරක්‌ෂක අධිකාරිය හාවර්ල්ඩ් විෂන් ලංකා එක්‌ව සංවිධානය කරන ලද ළමා ආරක්‌ෂණයපිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා පෙරේදා (10 ) කොළඹපැවැති වැඩමුළුවකදීය.

මෙම අවස්‌ථාවට සහභාගි වූ ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපතිජගත් වැල්ලවත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ සිදුවන ළමාඅපචාරවලින් 50% ක්‌ම සිදු වන්නේ එකී දරුවන්ගේ සමීපතම ලේඥතීන් අතින් බවයි. තවත් 42% ක්‌ පෙම්වතුන් අතින් සිදුවනබවත් හෙතෙම පැවැසීය.

කාන්තා හා ළමා සංවර්ධන ඇමැති සුමේධා ජී. ජයසේනණී නීතිඥහර්ෂණ නානායක්‌කාරණී මහාචාර්ය සරත් විජේසූරිය යන මහත්මමහත්මීහු මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

උපුටා ගැනීම lankatruth.com

Advertisements

වැඩිපුරම විවාහ වූ කාන්තාව නව සැමියෙකු සොයයි…

නෙට් එකේ ඉන්නකොට දැකපු ප්‍රවෘත්තියක්.කටිටියම දැකින්න ඇති කියලා හිතනවා.දැකපු නැති අයට විස්තර කියනවා නම්..ඇගේ නම ලින්ඩා වුල්ෆ්. දැනට අවුරුදු 68යි.වැඩිය නැහැ.23 වතාවයි විවාහ වෙලා තියෙන්නෙ..අවසන් වරට විවාහ වෙලා ඉදලා තියෙන්නේ ලොව වැඩිම වතාවක් විවාහ වෙලා හිටපු ලින් වුල්ෆ් සමඟ.ඔහු 29 වතාවක් විවාහ වෙලා ඉදලා තියනවා.ඔහු අවුරුදු 88 ආයු වලදා පසු ගිය දවසක මිය ගිහින්.ඉතින් මේ නෝනට ආයි පාරක් විවාහ වෙන්න හිතිලා.මේ දවස් වල අයදුම් පත්‍ර කැදවනවලු.

ඇය ලොව වැඩිම වරක් විවාහ වී ගිනස් වාර්තාවක් තියලා තියෙන්නෙ.සමහර විට මේ හදිස්සියේ ආපහු විවාහ වෙන්න හදන්නේ වෙන කවුරු හරි රෙකෝඩ් එක කඩයි කියලා බයට වෙන්න ඇති….හික්..

ලින්ඩා

ලින්ඩා