ජැක්සන්ගේ මරණය සහ දුෂ්‍යන්තගේ ඇඩීම

ජැක්සන්ගේ මරණය අහල ඔහුගේ රසිකයෝ සෑහෙන කනගාටු වුනා.අපේ රටේ වගේම ලෝකෙ හැම තැනම වගේ.ඔහුගේ නර්තන විදිය අනුගමන කරන නර්තන ශිල්පියෙක්නෙ අපේ රටේ දුෂ්‍යන්ත.එයාගෙන් මේ ගැන අහනව දැක්ක සිරස ප්‍රවෘත්ති වලිනුයි ස්වර්නවාහිනියෙ වැඩසටහනකිනුයි.මිනිහනන් අඩනවා ගෙදර කෙනෙක් මැරිලා වගේ.මේකෙ විඩීයෝ එකක් දැක්ක youtube  එකේ.ඉතින් එකේ ලියලා තිබුනු සමහර comments නම් මෙතන පළ කරන්න සුදුසු නැහැ.95% තිබුනෙ මිනිහට බැනලම තමා.

සමහරු අහලා තිබුනෙ පහුගිය කාලෙ අපේ කොල්ලො දහස් ගාණක් මැරුණ එතකොටත් ඔහෙම ඇඩුනද කියල. තවත් අය අහල තිබුනෙ අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරුණහමත් ඔහොම ඇඩුවද කියලා.

සමහර විට මිනිහගෙ සංවේදිකම නිසා වෙන්න ඇති ඔහොම අඩන්නෙ.එත් අපේ රටේ සිද්ද වෙන දේවල් වලටත් ඔහොම සංවේදි වෙනවනම් තමා හොද.

සිරස සුපර් ස්ටාර්…අමල්, සමිතා වැඩේ නම් කැතයි…..

මේ දවස් වල විකාශය වෙන සිරස සුපර් ස්ටාර් තුන් වන අදියරේ වැඩසටහන් බලනවා. බලනවා කියුවට බලන්නෙම නැහැ.චැනල් මාරු කර කර ඉන්නකොට දැක්කහම බලනවා.සුපර් ස්ටාර් කියුවට ඒකට “කොමඩි ස්ටාර්” කියුව නම් තමා වඩා හොද.මොකද වැඩසටහනේ ම්නිස්සුන්ගේ ගායන කුසලතාවයන්ට වඩා ඉස්මතු කරලා පෙන්නන්නෙ එතනට ඇවිල්ලා පිස්සු කෙලින ඒවනෙ.

ඒකටම හරියන විනිශ්චය මණ්ඩලය.සමිතා මුදුන්කොටුවයි,අමල් පෙරේරා ගැන නම් කියල වැඩක් නැහැ.ඔතනට ගොඩක් එන්නේ සංගීතය ගැන ඉගෙන ගත්ත මිනිස්සු නෙමේනෙ.හුඟක් මිනිස්සු ඈත පළාත් වල කට්ටිය.ඉතින් ඔය මිනිස්සු කැමරාවක් ඉස්සරහට,විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහට ආවාහම පොඩි චකිතයක් ඇති.සමහර විට තමන්ගෙ හැකියාවන් හරියට ඉදිරිපත් කර ගන්නත් බැරි වෙනවා ඇති.

ඉතින් එහෙම වෙලාවට ඒ මිනිස්සුන්ගෙ තියන අඩුපාඩුවක් පෙන්නලා දෙන එකනෙ යුතුකම.ඒත් අර කියුව දෙන්නා ඉතාම කැත විදියට ඒ මිනිසුන්ගෙ ගායන හැකියාවන් සහ ඇතැම් අංග චලන හාස්‍යයට සහ අවඥාවට ලක් කරනවා.මේවගේ දේවල් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයකට නම් කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.මෙකෙන් පේන්නෙ ඉතින් පෙනෙන්නෙ තමන්ගෙ පෞරුෂයේ අඩු පාඩු කම් මිසක් වෙන දෙයක් නෙමේ.

මිල්ටන් මල්ලවාඅරච්ච් නම් ඔහු

කලාකරුවන්ගෙ දේශපාලනය ගැන ලියවෙච්ච ලිපියක් කියවන කොට ඒකෙ මිල්ටන් මල්ලවාඅරච්ච් මහත්තයගෙ නමත් ලියවිලි තිබුනා.ලිපියෙ හැටියට නම් එතුමා සමසමාජ කාරයෙක්. පැවති කිසිම රජයකට ප්‍රශස්ති ගායනා නොකර තමන්ගේ පාඩුවේ සිංදුවක් කියාගෙන හිටපු අහිංසක කලාකාරයෙක්.
මම ආසම ගායකයින්ගෙන් කෙනෙක් තමා මිල්ටන් මල්ලවාඅරච්ච් කියලා කියන්නෙ.විරහ ගීත කියුවොත් ඉතින් ආයෙ එතුමට ගහන්න කෙනෙක් නැහැ.70 දශකය කියන්නෙ ලංකාවෙ සංගීත ක්ෂ්ත්‍රයෙ ස්වර්ණම යුගය කියලනෙ.මෙතුමගෙ ගීතත් ඒකට ලොකු මෙහෙවරක් කලා.

එතුමා අප අතරින් වෙලා දැන් අවුරුදු 15 කටත් වැඩියි මගෙ හිතේ.ඒත් එතුමගේ ගී අදටත් එක සේ ජනප්‍රියයි.එතුමා අප අතරින් වෙන් උනාට පස්සෙ ඉපදුනු කොල්ලො කෙල්ලොත් රසවිදිනෙත් තාම ඒ ගීතම තමයි ඒ වගේම කොල්ලො ටිකක් සෙට් වුන තැනකදී වුනත් කියන්නෙත් ඔය ගීතම තමයි.
60,70,80 දශකයේ රසිකයොත් එතුමගෙ ගීත රස වින්ද..අද කියලා වෙනසකුත් නැහැ.උපදින්න ඉන්න කොල්ලො කෙල්ලොත් ඒව අහල රස විදියි.එකනෙ හොද කලාකාරයො මැරෙන්නෙ නැහැ කියලා කියන්නෙ.

මිල්ටන් මල්ලවාඅරච්ච්

මිල්ටන් මල්ලවාඅරච්ච්