සිංහලයා කපෝතියි!

කඬේ යාම යන වචනයට සමාන යෙදුමක් ඉංග‍්‍රීසියේ නැති බව මගේ හැඟීම හා දැනීම වේ. ලංකාවේ අපේ මිනිස්සු මංමුලා වී ඇතැයි කියතත්, කරන්නේ කුමක්දැයි කියා නොදන්නා පිරිසක් බවට පත්ව ඇතැයි කීවත්, අසංවේදී පිරිසක් යැයි චෝදනා නැගුණත්, ළිංමැඩියන් පිරිසක් යැයි අභිෂේක ලබා සිටියත්, අපේ ජනතාවගේ සිහිනුවණ නැති වී නැති බවට හා ඔවුන්ගේ ඇති තියුණු සංවේදීභාවයට මෙයට වඩා හොඳ සාක්ෂියක් නැතැයි සිතමි.

ශතක දෙකක පමණ අතීතයක් හිමි මේ යෙදුමෙන් සංකේතවත් වන්නේ අර නැතැයි කියන සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි සිතමි. අර බොහෝ අය විහිළුවට ලක්කරන වර්ෂ දෙදහස් පන්සීයයක සිංහල බෞද්ධ සංස්කෘතිය තවත් වසර පන්දහසක් කල් වුවත් පවතින්නට තරම් ශක්තිමත් බව යැයි සිතමි.

අපගේ වර්තමාන ජීවිතය කිසි තේරුමක් නැති බව ඇත්තය. අප කරන වැඩවල කිසි අර්ථයක් නැති බව ඇත්තය. අප කියන දේවල අර්ථයක් නැති බව ඇත්තය. අපේ සංකල්පවල කිසි බරක් හරයක් නැති බව ඇත්තය. අපේ කලාවට කිසි අපේක්ෂාවක් අරමුණක් බලාපොරොත්තුවක් නැති බව ඇත්තය. වර්තමාන අපේ ජීවිතය අර්ථයෙන් තොර වූ ශූන්‍ය වූ විකාර වූ ජීවිතයක් වී ඇති බව ඇත්තය. ඒ සියල්ල ම ඇත්තය.

එහෙත් වැදගත් කරුණ එය නොවේ. අප ඒ බව දැන සිටින බවයි. මේ මොහොතේ සමාජ හැඩගැස්ම ගැන ජාතියක් වශයෙන් ජනතාවක් වශයෙන් අප දැනුවත් බවයි. අපේ දැනුම, සංවේදී භාවය, සිහිනුවණ තාමත් තිබෙන බවයි.

ජාතික හදවත තාමත් පණ ගැහෙන බවයි. කඬේ යෑම යන ‘ශුද්ධ සිංහල’ යෙදුම පහළ වී ඇත්තේ ඒ නිසා නොවේ ද?

අප සියල්ලෝ ම අද කරමින් සිටින්නේ එය නොවේ ද? කඬේ යන තැනැත්තා පමණක් නොව අනුන් කඬේ යවන තැනැත්තා ද කඬේ යන්නෙකි. මක් නිසාද යත් තවත් කෙනෙකු කඬේ යවන්නට සිතන තැනැත්තා ද අනිවාර්යෙන් ම කඬේ යන තැනැත්තෙකු බැවිනි. තමා වැනිම තවත් මිනිසෙකු අමාරුවේ වට්ටන්නට තැත් කරන තැනැත්තා කඬේ නොයන මිනිසෙකු යැයි කිව හැකි ද? ඔහු වනාහී කඬේ යන තැනැත්තාටත් වඩා කඬේ යන තැනැත්තෙකි.

කෙසේ වුවත් මා අභියෝග කරන්නේ කඬේ නොයන තැනැත්තෙකු සොයා දෙන ලෙස නොවේ. මේ වචනයට සමාන හෝ ඊට වැඩි සංකල්පයක් ඉංග‍්‍රීසි හෝ වෙනත් භාෂාවකින් සොයා දෙන ලෙසයි. මේ වචනයම සිංහලයාගේ දාර්ශනිකත්වය පිළිබඳ සාක්ෂියක් බව මගේ අදහසයි. එයට හේතුව අපේ අපේ රට පමණක් නොව අද ලෝකයම කරමින් සිටින්නේ කඬේ යමින් සිටීම වීමයි. අවශ්‍ය නම් එය වෙළඳපොළ ආර්ථිකය ලෙස ද හැඳින්විය හැකිය.

ඇඩම් ස්මිත්ට අනුව ආදෘෂ්‍යමාන හස්තයෙන් පාලනය කළ නොහැකි දෙයක් නැත. එහෙත් ඒ අදෘෂ්‍යමාන හස්තයට සුළි කුණාටු පාලනය කිරීමට නම් නොහැකිය. ලා නිනෝ අදාෂ්‍යමාන හස්තයට යට නැත. ඒ වෙනුවට අවශ්‍ය නම් අදෘෂ්‍යමාන හස්තය හෙවත් වෙළඳපොළ ක‍්‍රමය විසින් සිදු≥ කර ඇත්තේ, මේ සංවර්ධන ආකෘතිය විසින් කර ඇත්තේ ලෝකය ම කඬේ යැවීම බව කිව හැකිය. ලෝකයේ ම සිංහලයාට ඉහළින් දාර්ශනිකයෙකු නැතැයි මා කියන්නේ ඒ අනුවය. නොබෙල් තෑගි ලබන ලේඛකයෝ බිහිවන්නේ ඉංගී‍්‍රසියෙනි. නොබෙල් තෑගි ලබන විද්‍යාඥයෝ බොහෝ විට සුද්දන්ය. එබඳු විශිෂ්ට විද්වත්තු හෝ දාර්ශනිකයෝ සිංහලයන් අතර නොවෙති. සිංහල අපිට, සිංහල මෝඩයන්ට විශිෂ්ට දාර්ශනික චින්තාවන් නැති බව ‘නමින් සිංහල’ උගත්තු ම කියති. එහෙත් කඬේ යාමට අභියෝග කළ හැකි දාර්ශනික චින්තාවක් දෙවෙනි ලෝක සංග‍්‍රාමයෙන් පසු යුගය තුළ පහළ වී නැතැයි සිතමි. මේ දාර්ශනික චින්තාව වෙනුවෙන් සිංහල ජාතියට නොබෙල් තෑග්ග දිය යුතුය. කෙසේ වුවත් නොබෙල් තෑග්ගට කඬේ යන බුද්ධිමතුන් සිටින ලෝකයක සිංහල ප‍්‍රඥාවේ අගය කවදාත් මතු නොවනු ඇත.

කොහොම නමුත් කිව යුතු තවත් දෙයක් තිබේ. මේ කඬේ යාමේ දාර්ශනික චින්තාවේ මූලය, මේ සසර සැරිසැරීම පිළිබඳ අපේ විශ්වාසයයි. එහෙත් සංසාරේ ඇවිදීම සුද්දාට යට වූ ලෝකය තුළ ‘පශ්චාත් නූතන සන්දර්භයකට’ පැමිණ තිබීම ද මේ යෙදුම මගින් විස්තර කෙරෙයි. නොඑසේනම් සංසාරයේ සැරසැරීමේ වර්තමාන ස්වරූපය, වර්තතමාන සංකීර්ණ ස්වරූපය මේ යෙදුමෙන් පැහැදිලි කෙරේ. නොඑසේනම් මොන පශ්චාත් නූතන හා වෙනත් දාර්ශනික අදහස් ඇවිත් තිබුණ ද විද්වතුන් පැමිණ සිටිය ද හඳට ගිය ද අඟහරු අවට කරක් ගැසුව ද තවමත් සිදුවන්නේ සුපුරුදු සංසාරයේ සැරිසැරීම ම බව කඬේ යාම නමැති යෙදුම මගින් පැහැදිලි වේ.

කොහොම නමුත් අපි කඬේ යමින් සිිටිමු. සියල්ලන් සම`ග එක්ව සියල්ලෝම කඬේ යමින් සිටිමු. එයින් ගැලවීමට නම් පාරමිතා පිිරීම හැර අන් කළ හැකි දෙයක් නැත.

අවසාන වශයෙන් මට කීමට ඇත්තේ එකම දෙයක් පමණි◊. තමන් කඬේ යන බව නොදැන සිටින එකම සිංහලයෙකු හෝ නැත. එසේම තමන් අනුන්ව ද කඬේ යවන බව නොදැන සිටින එකම සිංහලයෙකු ද නැත. එසේ නොදන්නේ නම් ඔහු සිංහලයෙකු ද නොවේ.

උදයසිරි වික‍්‍රමරත්න http://www.idakada.org

Advertisements

අපේ දොස්තරලාට, ගණකාධිකාරීන්ට ඉහළ ඉල්ලුමක්!

විදේශ රැකියා සඳහා රට හැර යන ශ්‍රී ලාංකීය බුද්ධිමතුන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ වෛද්‍යවරුන් සහ ගණාකාධිකාරිවරුන් බව සංක්‍රමණිකයන් පිළිබඳව නිකුත් වූ නවතම වාර්තාවක් හෙළි කරයි.

migration outlook for Sri Lanka යන මැයෙන් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා ජාත්‍යන්තර විගමණ සංවිධානය විසින් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

එම වාර්තාවට අනුව සෑම වසරකදීම මෙරට වෛද්‍යවරුන් 60ක් පමණ තමන්ට අනිවාර්ය වූ එක් වසරක පුහුණුව සඳහා එංගලන්තය, කැනඩාව සහ අනෙකුත් ලෝකයේ සංවර්ධිත රටවල් කරා පිටත්ව යන අතර ඔවුනගෙන් නැවත සිය මව්බිමට පැමිණෙන්නේ ඉන් භාගයක් පමණ වූ පිරිසකි.

මෙසේ අඛණ්ඩව සිදු වන බුද්ධිගලනය හේතුවෙන් මිලියන 18ක් වූ මෙරට ජන පිරිසකට ප්‍රතිකාර ලබා දීම සඳහා සිටින විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමාණය වනුයේ 800ක් වැනි වූ සුළු පිරිසක් බව එම වාර්තාව සඳහන් කරයි.

අදාළ වාර්තාවට අනුව බුද්ධිගලනය බහුලවම සිදු වන අනෙකුත් වෘත්තිය වන්නේ ගණකාධිකරණ ක්ෂේත්‍රයයි.

මෙරට බොහෝ වරලත් ගණකාධිකාරීවරුන් ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, එංගලන්තය, කැනඩාව මෙන්ම මැදපෙරදිග රටවල රැකියා සඳහා වැඩි වශයෙන් යොමු වන බව එහි සඳහන් වේ.

මෙරට වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගෙන් භාගයක් පමණම ඉහළ වැටුප් සහිත රැකියා සඳහා විදේශගත වේ.

80 මුල් දශකයේ දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය හා ඒ ආශ්‍රිතව මෙරට ඇති වුණු ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීම හේතුවෙන් නිපුණතා සහිත මෙවැනි වෘත්තිකයන් රටින් බැහැර වීම වර්ධනය වූ බවයි, එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ.

ඔක්,25, (විමසුම)

සති 3 න් PR 5ක් ලැබීම

මම බ්ලොග් ලියන්න ගත්තේ ජූනි 6 වෙනිදා.පෝස්ට් 13 විතර දැනට ලියලා තියනවා.නිකමට වගේ ජූනි 28 වෙනිදා PR චෙක් කරලා බැලුවා.මෙන්න බොලේ 5 ඇවිල්ලා. මටම හිතා ගන්න බැහැ. සති තුනට මෙච්චර අගයක් ලැබුනෙ කොහොමද කියලා.කට්ටියට වැරදිලා නැතුව ඇති කියලා තිතනවා.මේක උනේ කොහොමද කියලා නම් මට අදහසක් තියනවා.wordpress free site වල පොඩි කේස් එකක්.හැබැයි හරියට විශ්වාස නැහැ. තව ටිකක් හොයලා බලලා කියන්නම්.ඔයගොල්ලො මොනවද කියන්නෙ කියන්නකො….
සති තුනට 2000ක් විතර බලල තියනවා.බලපු හැමෝටම බොහොම ස්තූතියි.

ජැක්සන්ගේ මරණය සහ දුෂ්‍යන්තගේ ඇඩීම

ජැක්සන්ගේ මරණය අහල ඔහුගේ රසිකයෝ සෑහෙන කනගාටු වුනා.අපේ රටේ වගේම ලෝකෙ හැම තැනම වගේ.ඔහුගේ නර්තන විදිය අනුගමන කරන නර්තන ශිල්පියෙක්නෙ අපේ රටේ දුෂ්‍යන්ත.එයාගෙන් මේ ගැන අහනව දැක්ක සිරස ප්‍රවෘත්ති වලිනුයි ස්වර්නවාහිනියෙ වැඩසටහනකිනුයි.මිනිහනන් අඩනවා ගෙදර කෙනෙක් මැරිලා වගේ.මේකෙ විඩීයෝ එකක් දැක්ක youtube  එකේ.ඉතින් එකේ ලියලා තිබුනු සමහර comments නම් මෙතන පළ කරන්න සුදුසු නැහැ.95% තිබුනෙ මිනිහට බැනලම තමා.

සමහරු අහලා තිබුනෙ පහුගිය කාලෙ අපේ කොල්ලො දහස් ගාණක් මැරුණ එතකොටත් ඔහෙම ඇඩුනද කියල. තවත් අය අහල තිබුනෙ අපේ කේමදාස මාස්ටර් වගේ රටක් වටින මිනිස්සු මැරුණහමත් ඔහොම ඇඩුවද කියලා.

සමහර විට මිනිහගෙ සංවේදිකම නිසා වෙන්න ඇති ඔහොම අඩන්නෙ.එත් අපේ රටේ සිද්ද වෙන දේවල් වලටත් ඔහොම සංවේදි වෙනවනම් තමා හොද.

සිරස සුපර් ස්ටාර්…අමල්, සමිතා වැඩේ නම් කැතයි…..

මේ දවස් වල විකාශය වෙන සිරස සුපර් ස්ටාර් තුන් වන අදියරේ වැඩසටහන් බලනවා. බලනවා කියුවට බලන්නෙම නැහැ.චැනල් මාරු කර කර ඉන්නකොට දැක්කහම බලනවා.සුපර් ස්ටාර් කියුවට ඒකට “කොමඩි ස්ටාර්” කියුව නම් තමා වඩා හොද.මොකද වැඩසටහනේ ම්නිස්සුන්ගේ ගායන කුසලතාවයන්ට වඩා ඉස්මතු කරලා පෙන්නන්නෙ එතනට ඇවිල්ලා පිස්සු කෙලින ඒවනෙ.

ඒකටම හරියන විනිශ්චය මණ්ඩලය.සමිතා මුදුන්කොටුවයි,අමල් පෙරේරා ගැන නම් කියල වැඩක් නැහැ.ඔතනට ගොඩක් එන්නේ සංගීතය ගැන ඉගෙන ගත්ත මිනිස්සු නෙමේනෙ.හුඟක් මිනිස්සු ඈත පළාත් වල කට්ටිය.ඉතින් ඔය මිනිස්සු කැමරාවක් ඉස්සරහට,විනිශ්චය මණ්ඩලයක් ඉස්සරහට ආවාහම පොඩි චකිතයක් ඇති.සමහර විට තමන්ගෙ හැකියාවන් හරියට ඉදිරිපත් කර ගන්නත් බැරි වෙනවා ඇති.

ඉතින් එහෙම වෙලාවට ඒ මිනිස්සුන්ගෙ තියන අඩුපාඩුවක් පෙන්නලා දෙන එකනෙ යුතුකම.ඒත් අර කියුව දෙන්නා ඉතාම කැත විදියට ඒ මිනිසුන්ගෙ ගායන හැකියාවන් සහ ඇතැම් අංග චලන හාස්‍යයට සහ අවඥාවට ලක් කරනවා.මේවගේ දේවල් ගෞරවනීය විනිශ්චය මණ්ඩලයකට නම් කොහොමටවත් ගැලපෙන්නෙ නැහැ.මෙකෙන් පේන්නෙ ඉතින් පෙනෙන්නෙ තමන්ගෙ පෞරුෂයේ අඩු පාඩු කම් මිසක් වෙන දෙයක් නෙමේ.

අපේ මිනිස්සුන්ගේ මනුස්සකම

මම උඩරට,රජ රට,පහත රට වගේ රට වලට ඇරුනහම පිටරටකට නම් ගිහිල් නැහැ.හැබැයි චිත්‍රපටි බලල නම් පිට රටවල් ගැන හුගක් දේවල් ඉගෙන ගන්නවා. මේ චිත්‍රපටියේ නම නම් මට හරියට මතක නැහැ.හැබැයි සිද්ධිය නම් මේකයි.

සුද්දෙක් ගමනක් යන අතර මගදී මිනිහගේ වාහනේ කැඩෙනව.කාගෙන් වත් උදවුවක් ලැබෙන්නෙ නැහැ. පස්සෙ ලගපාත හිටපු  කොල්ලෙකුට කථා කරලා කියනවා වාහනේට පොඩි තල්ලුවක් දාන්න පුලුවන්ද කියලා.කියපු ගමන් මූ අහපි මට කීයක් ගෙවනවාද කියලා.පස්සෙ අර මිනිහා ගාණක් කියනවා.ඌ ඒ ගාණට කැමති වෙන්නෙ නැහැ.අන්තිමට ඌ කියන ගාන ගෙවලා වාහනේට තල්ලුවක් දාගෙන ස්ටාට් කර ගෙන ගමන යනවා. ඒ සිදුවීම චිත්‍රපටියෙ තියන පුංචිම පුංචි සිද්ධියක්.නමුත් මටනම් ඒකතමා ඒකෙ තිබුනු වැදගත්ම සිද්ධිය.ඒක ඒ කොල්ලගේ හැටිද නැත්නම් සමස්ථ බටහිර සමාජයේම හැටිද කියන්න තරම් මට අවබෝධයක් නැහැ.අහලා තියන විදියට සමස්ථ බටහිර සමාජයේම හැටි ඔහොම තමයි.හැම දේම තීරණය වෙන්නෙ මුදලට.

නිකමට හිතන්න ඔය දේම අපේ රටේදි සිද්ද උනානම් මොකක් වෙයිද? “මචං මොකක්ද අවුල”,”ඇයි මල්ලී මොකක්ද කේස් එක”,”මහත්තය මොකක්ද වෙන්න ඕන” කියල මිනිස්සු කී දෙනෙක් අහයිද? අපේ මිනිස්සුන්ගෙ මොන වැරදි තිබුනත් කෙනෙකුට කරදරයක් වෙච්ච වෙලාවට පැනලා උදවු කරන එක අපේ මිනිස්සුන්ගෙ සිරිත.

මේක හොදින්ම දෙක්කෙ පහුගිය සුනමියෙදී.වර්තමානයෙදිත් ඒක දකින්න තියනවා.තමන් නොකා හරි කන්න නැති කෙනෙකුට බත් පතක් දෙන මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා.කරදරේකදී උදවු වෙනවා කියන එක අපේ මිනිස්සුන්ගේ ජාන වලම තියන දෙයක්.ඒත් අර කොල්ලා වගේ මිනිස්සුත් අපේ රටෙත් නැතුවා නෙවෙයි.හැබැයි බොහොම අතලොස්සයි.අවාසනාව කියන්නෙ රටේ ප්‍රසිද්ධ වෙන්නෙ උන්ගෙ වැඩ තමා.

අවුරුදු 7 කට පස්සෙ ඉස්කෝලෙ ගියෙමි.

අපේ ආදි ශිෂ්‍ය සංගමේ රැස්වීමක් තියනවා කියලා ආරාධනාවක් ආවා.ඉස්කෝලෙන් අයින් උනාටම පස්සෙ ඒ පැත්ත පලාතෙවත් ගිය නැති නිසාත් පරණ යාලුවො සෙට් එක හම්බ වෙන නිසාත් වැඩේට ගියේනම් ලොකු ආසාවකින්. ඉස්කොලේට අඩ්ය තිබ්බෙ අවුරුදු 7 කට විතර පස්සෙ.පරිසරය නම් ටිකක් විතර වෙනස් වෙලා.ඒත් ඉතින් කියන්ඩ තරම් ලොකු වෙනසක් නම් නෙවෙයි.අපි ඉගෙන ගත්තු පන්ති කාමර, සෙල්ලම් කරපු පිට්ටනිය,දුවපැන ඇවිදපු තැන් ඒ විදියටම තියනව.ඒත් ඉතින් අපි ඒවයෙ නැහැ.ඉන්නෙ වෙන අය.මොනවා කරන්ඩද හිතට පුංචි දුකක් දැනුනා.

සුදු දිග කලිසම් , කොට කලිසම් ඇද ගත්තු කොල්ලො පිටිටනියෙ සෙල්ලම් කරනවා.තැන තැන කොල්ලො රංචු ගැහිල ලොකු ලොකු කතාවල්. ඒකාලේ ඔහොම අපිත් එක්ක කදේ දාගෙන හිටපු සමහරු දැන් මොනවා කරනවාද කියලවත් දන් නැහැ.හුග දෙනෙක් දැන් හැතැක්ම ගානක් ඈත පිට රටවල. කාලෙකින් ආපු නිසා ඉස්කොලෙ පැත්තෙ පොඩි රවුමක් ගැහුවා.හැම තැනම නුපුරුදු මූණූ.අපි අදුරන කවුරුත් නැහැ.අපේම ඉස්කෝලෙ අපි නිකන් ආගන්තුකයො වගේ. ශාලිත අබේවික්‍රම කියන “සුළගේ ළෙලෙනා මල් සේ දගපා” සිංදුවෙ සැබැම අර්ථය තේරුනේ අද කියලා මට හිතුනා.

සුළගේ ළෙලෙනා මල් සේ දගපා

අප පාසල් ගිය කාලයේ

යහලුවො අද නැත

වෙන අය එහි ඇත

කාලය මැවුවෙ වෙනසක අරුමේ

මොනව කරන්නද ජීවිතේ හැටි ඔහොම තමා………