Google Map දෙන ආතල්

Google map කියන්නෙ කාටත් හුගක් ප්‍රයෝජනවත් දෙයක්ඒත් වැඩිය ආරුලු බූරුලු නැතුව පල්ලෙහ ටික කරල බලන්නකො.

1. Go to Google Maps. http://maps.google.com/
2. Go to “Get Directions”. …
3. Type Taiwan as the start location.
4. Type China as the end location……
5. Read STEP “23” of the directions.

Advertisements

සිංහලයා කපෝතියි!

කඬේ යාම යන වචනයට සමාන යෙදුමක් ඉංග‍්‍රීසියේ නැති බව මගේ හැඟීම හා දැනීම වේ. ලංකාවේ අපේ මිනිස්සු මංමුලා වී ඇතැයි කියතත්, කරන්නේ කුමක්දැයි කියා නොදන්නා පිරිසක් බවට පත්ව ඇතැයි කීවත්, අසංවේදී පිරිසක් යැයි චෝදනා නැගුණත්, ළිංමැඩියන් පිරිසක් යැයි අභිෂේක ලබා සිටියත්, අපේ ජනතාවගේ සිහිනුවණ නැති වී නැති බවට හා ඔවුන්ගේ ඇති තියුණු සංවේදීභාවයට මෙයට වඩා හොඳ සාක්ෂියක් නැතැයි සිතමි.

ශතක දෙකක පමණ අතීතයක් හිමි මේ යෙදුමෙන් සංකේතවත් වන්නේ අර නැතැයි කියන සිංහල බෞද්ධ සංස්කෘතිය යැයි සිතමි. අර බොහෝ අය විහිළුවට ලක්කරන වර්ෂ දෙදහස් පන්සීයයක සිංහල බෞද්ධ සංස්කෘතිය තවත් වසර පන්දහසක් කල් වුවත් පවතින්නට තරම් ශක්තිමත් බව යැයි සිතමි.

අපගේ වර්තමාන ජීවිතය කිසි තේරුමක් නැති බව ඇත්තය. අප කරන වැඩවල කිසි අර්ථයක් නැති බව ඇත්තය. අප කියන දේවල අර්ථයක් නැති බව ඇත්තය. අපේ සංකල්පවල කිසි බරක් හරයක් නැති බව ඇත්තය. අපේ කලාවට කිසි අපේක්ෂාවක් අරමුණක් බලාපොරොත්තුවක් නැති බව ඇත්තය. වර්තමාන අපේ ජීවිතය අර්ථයෙන් තොර වූ ශූන්‍ය වූ විකාර වූ ජීවිතයක් වී ඇති බව ඇත්තය. ඒ සියල්ල ම ඇත්තය.

එහෙත් වැදගත් කරුණ එය නොවේ. අප ඒ බව දැන සිටින බවයි. මේ මොහොතේ සමාජ හැඩගැස්ම ගැන ජාතියක් වශයෙන් ජනතාවක් වශයෙන් අප දැනුවත් බවයි. අපේ දැනුම, සංවේදී භාවය, සිහිනුවණ තාමත් තිබෙන බවයි.

ජාතික හදවත තාමත් පණ ගැහෙන බවයි. කඬේ යෑම යන ‘ශුද්ධ සිංහල’ යෙදුම පහළ වී ඇත්තේ ඒ නිසා නොවේ ද?

අප සියල්ලෝ ම අද කරමින් සිටින්නේ එය නොවේ ද? කඬේ යන තැනැත්තා පමණක් නොව අනුන් කඬේ යවන තැනැත්තා ද කඬේ යන්නෙකි. මක් නිසාද යත් තවත් කෙනෙකු කඬේ යවන්නට සිතන තැනැත්තා ද අනිවාර්යෙන් ම කඬේ යන තැනැත්තෙකු බැවිනි. තමා වැනිම තවත් මිනිසෙකු අමාරුවේ වට්ටන්නට තැත් කරන තැනැත්තා කඬේ නොයන මිනිසෙකු යැයි කිව හැකි ද? ඔහු වනාහී කඬේ යන තැනැත්තාටත් වඩා කඬේ යන තැනැත්තෙකි.

කෙසේ වුවත් මා අභියෝග කරන්නේ කඬේ නොයන තැනැත්තෙකු සොයා දෙන ලෙස නොවේ. මේ වචනයට සමාන හෝ ඊට වැඩි සංකල්පයක් ඉංග‍්‍රීසි හෝ වෙනත් භාෂාවකින් සොයා දෙන ලෙසයි. මේ වචනයම සිංහලයාගේ දාර්ශනිකත්වය පිළිබඳ සාක්ෂියක් බව මගේ අදහසයි. එයට හේතුව අපේ අපේ රට පමණක් නොව අද ලෝකයම කරමින් සිටින්නේ කඬේ යමින් සිටීම වීමයි. අවශ්‍ය නම් එය වෙළඳපොළ ආර්ථිකය ලෙස ද හැඳින්විය හැකිය.

ඇඩම් ස්මිත්ට අනුව ආදෘෂ්‍යමාන හස්තයෙන් පාලනය කළ නොහැකි දෙයක් නැත. එහෙත් ඒ අදෘෂ්‍යමාන හස්තයට සුළි කුණාටු පාලනය කිරීමට නම් නොහැකිය. ලා නිනෝ අදාෂ්‍යමාන හස්තයට යට නැත. ඒ වෙනුවට අවශ්‍ය නම් අදෘෂ්‍යමාන හස්තය හෙවත් වෙළඳපොළ ක‍්‍රමය විසින් සිදු≥ කර ඇත්තේ, මේ සංවර්ධන ආකෘතිය විසින් කර ඇත්තේ ලෝකය ම කඬේ යැවීම බව කිව හැකිය. ලෝකයේ ම සිංහලයාට ඉහළින් දාර්ශනිකයෙකු නැතැයි මා කියන්නේ ඒ අනුවය. නොබෙල් තෑගි ලබන ලේඛකයෝ බිහිවන්නේ ඉංගී‍්‍රසියෙනි. නොබෙල් තෑගි ලබන විද්‍යාඥයෝ බොහෝ විට සුද්දන්ය. එබඳු විශිෂ්ට විද්වත්තු හෝ දාර්ශනිකයෝ සිංහලයන් අතර නොවෙති. සිංහල අපිට, සිංහල මෝඩයන්ට විශිෂ්ට දාර්ශනික චින්තාවන් නැති බව ‘නමින් සිංහල’ උගත්තු ම කියති. එහෙත් කඬේ යාමට අභියෝග කළ හැකි දාර්ශනික චින්තාවක් දෙවෙනි ලෝක සංග‍්‍රාමයෙන් පසු යුගය තුළ පහළ වී නැතැයි සිතමි. මේ දාර්ශනික චින්තාව වෙනුවෙන් සිංහල ජාතියට නොබෙල් තෑග්ග දිය යුතුය. කෙසේ වුවත් නොබෙල් තෑග්ගට කඬේ යන බුද්ධිමතුන් සිටින ලෝකයක සිංහල ප‍්‍රඥාවේ අගය කවදාත් මතු නොවනු ඇත.

කොහොම නමුත් කිව යුතු තවත් දෙයක් තිබේ. මේ කඬේ යාමේ දාර්ශනික චින්තාවේ මූලය, මේ සසර සැරිසැරීම පිළිබඳ අපේ විශ්වාසයයි. එහෙත් සංසාරේ ඇවිදීම සුද්දාට යට වූ ලෝකය තුළ ‘පශ්චාත් නූතන සන්දර්භයකට’ පැමිණ තිබීම ද මේ යෙදුම මගින් විස්තර කෙරෙයි. නොඑසේනම් සංසාරයේ සැරසැරීමේ වර්තමාන ස්වරූපය, වර්තතමාන සංකීර්ණ ස්වරූපය මේ යෙදුමෙන් පැහැදිලි කෙරේ. නොඑසේනම් මොන පශ්චාත් නූතන හා වෙනත් දාර්ශනික අදහස් ඇවිත් තිබුණ ද විද්වතුන් පැමිණ සිටිය ද හඳට ගිය ද අඟහරු අවට කරක් ගැසුව ද තවමත් සිදුවන්නේ සුපුරුදු සංසාරයේ සැරිසැරීම ම බව කඬේ යාම නමැති යෙදුම මගින් පැහැදිලි වේ.

කොහොම නමුත් අපි කඬේ යමින් සිිටිමු. සියල්ලන් සම`ග එක්ව සියල්ලෝම කඬේ යමින් සිටිමු. එයින් ගැලවීමට නම් පාරමිතා පිිරීම හැර අන් කළ හැකි දෙයක් නැත.

අවසාන වශයෙන් මට කීමට ඇත්තේ එකම දෙයක් පමණි◊. තමන් කඬේ යන බව නොදැන සිටින එකම සිංහලයෙකු හෝ නැත. එසේම තමන් අනුන්ව ද කඬේ යවන බව නොදැන සිටින එකම සිංහලයෙකු ද නැත. එසේ නොදන්නේ නම් ඔහු සිංහලයෙකු ද නොවේ.

උදයසිරි වික‍්‍රමරත්න http://www.idakada.org

ශ‍්‍රී ලංකා ටෙලිකොම් Unlimited Download අහවරයි

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම සියළු පැකේජ සදහා 2011 වසර මුල සිටම නවතා දමා තිබේ. මෙය සති අන්ත පුවත් පත් කිහිපයකම ප‍්‍රකාශයට පත් කර ඇති අතර සීමාව ඉක්මවා සිදුකරන සියළු බාගත කිරීම් සඳහා මුදලක් අය කිරීමට සමාගම තීරණය කර ඇත. සමාගම පවසන්නේ ඔවුන් වෙතින් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ඇති පාරිභෝගිකයන්ට අද සිට විශේෂ සහන ලබාදීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව දැනට තිබෙන වේගයට වඩා වැඩි වේගයකින් දත්ත ලබාගැනීමේ පහසුකම සහ අන්තර්ජාල පහසුකම් වැඩිපුර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට සියයට 30 ක ගාස්තු අඩුවීමක්‌ ආදී පහසුකම් සැලසෙන බව ඔවුන් දන්වා සිටියි.

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් පමණක් මෙතෙක් ලබා දුන් අසීමිත භාගත කිරීම් පහසුකම් සහිත සියළු පැකේජ සදහා 2011 වසර සිට නවතා තිබේ.ඒ අනුව නවතම පැකේජ පහත පරිදිය

ENTREE PACKAGE
බාගත කිරීමේ වේගය : 1mpbs
නොමිලේ ලබාදෙන සීමාව : 1.5GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35

HOME PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 8GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 1500/=

OFFICE PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 20GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35
මාසික ගාස්තුව : 3500/=

XCEL PLUS PACKAGE
බාගත කිරීමේ වේගය : 512Kpbs
නොමිලේ ලබාදෙන සීමාව : 40GB
සීමාව ඉක්මවූ පසූ 1MB සදහා අයකිරීම : සත 35

මේ අනුව හදුන්වා දුන් නව පැකේජ නිසා බොහෝ පිරිසකට තම දත්ත සීමාව පිලිබද අවධානයෙන් සිටීමට සිදුවනු ඇත.ඒ සදහා පහත ක්‍රම යොදාගත හැක

ටෙලිකොම් වෙබ් අඩවිය හරහා දැනගැනීමට

මේ උඳුවප් මහේ ගලිවර් එනවා

ගලිවර්ගේ චාරිකාව (Gulliver’s Travel) නම් සුප්‍රසිද්ධ ප්‍රබන්ධ කතාව තේමා කර ගනිමින් නිර්මාණය වුණු චිත්‍රපටයක් මෙම දෙසැම්බර් මස සිට ප්‍රදර්ශනය කෙරේ.
ගලිවර්ගේ චරිතයට පණ පොවන Jack Blackගේ අපූර්ව රංගනයයෙන් හැඩ වැඩ වුණු මෙම චිත්‍රපටය මෙම දෙසැම්බර් 22වනදා ප්‍රදර්ශනය සඳහා දොරටු විවර වේ.
Robb Letterman විසින් අධ්‍යක්ෂණය කෙරී ඇති මෙම චිත්‍රපටයේ සංගීත නිර්මාණය Henry Jackman විසිනි.
Jonathan Swift විසින් ලියැවුණු මෙම ගලිවර්ගේ චාරිකාව නව කතාව ලොව වටා වසන සියළුම ළමා මෙන්ම වැඩිහිටි පාඨක ජනතාවගේ ද ආදරය දිනා ගත්තකි.

vimasuma.com

3D පිංතූර බලමු

මේක E-mail එකකින් ආපු පිංතූර වගයක්…අලුත් දෙයක් නිසා දාන්න හිතුන…

පිංතූරය මත click කරල එහාට මෙහාට කරල බලන්න. අංශක 360 ම බලන්න පුලුවන්.

පිංතූර 1

පිංතූර 2

පිංතූර 3

ADSL ගාස්තු අඩු කිරීමට රජයේ අවධානය

ADSL සහ අනෙකුත් බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් ගාස්තු පහත හෙළීමට රජයේ අවධානය යොමුවී තිබේ. විදුලි සංදේශ නියාමන කොමි‍සමේ අධ්‍යක්ෂ ජනරල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ දැනට ඒ සම්බන්ධයෙන් දුරකතන සමාගම් හා අදාළ අංශ සමග සාකච්ඡා කරගෙන යන බවය.

බ්‍රෝඩ්බෑන්ඩ් සහ ඒගඩීගඑස්ගඑල්ග ඉන්ටර්නෙට් භාවිත කරන්නන් සංඛ්‍යාව ඉහළ නැංවීම එහි අරමුණ බවය.
අනූෂ පැල්පිට මහතා පැවසුවේල දැනට පවතින බ්‍රෝඩ්බෑන්ඩ් හා ඒගඩීගඑස්ගඑල්ග ඉන්ටර්නෙට් ගාස්තු ඉහළ මට්ටමක පවතින බවට හැගී යන බවය.
ඒ අතර දිවයිනම ආවරණය වන පරිදි අඩිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් ඉන්ටර්නෙට් පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම තීරණය කර තිබේ.
අනූෂ පැල්පිට මහතා සදහන් කළේල සෑම මැතිවරණ කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවය.
slt

උපුටා ගැනීම lankacnews.com

what is? how to ? දැනගන්න www.learningly.com

අන්තර්ජාලයේ ඉන්නකොට දැකපු වෙබ් අඩවියක්.තවමත් ප්‍රාථමික අවධියේ පවතින නිසා මේ ගැන මුකුත් කියන එක සුදුසු නැහැ. නමුත් what හා how කියන පද දෙක මුල් කරගෙන ලියවුනු ලිපි තමා සියල්ලක්ම වගේ. කට්ටියට ප්‍රයෝජනවත් කියලා හිතුන නිසා පල කලා.

මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න